සමගි ජනබලවේගය විසින් සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුතුව පිහිටුවීමට යන නව දේශපාලන සංධානය සමග එක්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පවසා ඇත්තේ, ''ඩලස් ආවත් නැතත් අපි සංධානය පිහිටුවනවා'' යැයි කියාය.

“ඩලස් සමග සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 13 දෙනාගෙන් 09 ක් ම අපිත් එක්ක ඉන්නවා. ඒ අයත් එක්ක අපි වැඩ කරනවා. ඩලස් එහෙන් මෙහෙන් අදිනවා, දඟලනවා, ඩලස්ගේ අය සජබයත් එක්ක වැඩ කරන්න කැමතියි. ඒ නවදෙනත් එක්ක අපි මේක අත්සන් කරනවා. ඩලස් ජේවීපී එකත් එක්ක යන්න හදනවා…” ආදී වශයෙන් එම ජ්‍යෙෂ්ඨයා සඳහන් කර තිබේ.

සමගි ජනබලවේගය විසින් පිහිටුවන දේශපාලන සංධානයේ ව්‍යවස්ථාව සකසා අවසන් කොට ඇති බවත්, එය මේ වන විට පක්‍ෂ නායකයන් විසින් අධ්‍යනය කරමින් සිටින බවත් ඔහු ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට වැඩිදුරටත් පවසා ඇත.

රනිල් -මහින්ද නැති සන්ධානයක් !

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පවසා ඇත්තේ, විපක්‍ෂයේ පක්‍ෂ අතර පොදු එකඟතාවක් සහිත එජාප – පොහොට්ටු නොවන පුළුල් දේශපාලන සන්ධානයක් පිහිටුවා ගැනීම වෙනුවෙන් 'නිදහස ජාතික සභාව' කටයුතු කරන බවයි. 

එහිදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස හෝ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ආදී වශයෙන් සීමා නොකර පුළුල් දේශපාලන සන්ධානයක් වශයෙන් ගොඩනැඟිය යුතු බව ද හෙතෙම කියා සිටියි.

විපක්‍ෂය විසින් ගොඩනගන ඕනෑම දේශපාලන සංධානයකට තමන් සුබ පතන නමුත් එම සංධානය විපක්‍ෂයේ පුළුල්තම සංවිධානය විය යුතු යැයි ද මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි. 


(divaina.lk)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්