leader s

2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ සිදුවූ බිහිසුණු ත්‍රස්ත බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් වූ විශේෂ වාර්තා වැඩසටනක් සැප්තැම්බර් මස 05 වෙනිදා රාත්‍රී බ්‍රිතාන්‍යයේ Channel 4 නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිතය. 

මෙම විශේෂ වැඩසටන අගෝස්තු 15 දා Channel 4 නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිතව තිබුනද එහි ඇතැම් තාක්ෂණික දෝෂ ඇතැයි සඳහන් කරමින් එදින විකාශය නොකළේය. 

තමිල් මක්කල් විඩුතලයි පුලිකල් පක්ෂයේ (TMVP) නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ගේ (පිල්ලෙයාන්) ගේ මාධ්‍ය ලේකම්ව සිටි අසාද් මවුලානා විසින් පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ බරපතල අනාවරණයන් කිහිපයක්ම මෙම වීඩියෝ වැඩසටහනේ අන්තර්ගතව ඇතැයි පැවසේ.

පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, නීතිපතිවරයා සහ රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ ඇතුළු රජයේ බලධාරීන් කිහිපදෙනෙකු වෙත මෙම වාර්තා වැඩසටහනින් චෝදනා එල්ලවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

සැප්තැම්බර් 05 වෙනිදා බ්‍රිතාන්‍ය වේලාවෙන් 11.05 ට  විකාශනය වීමට නියමිත මෙම වැඩසටහනට මේවනවිටත් ජාත්‍යන්තර වශයෙන් පුළුල් ප්‍රචාරයක් ලැබී ඇත. 

PHOTO 2023 09 03 12 11 44 2
ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් වූ විශේෂ වාර්තා වැඩසටනක් චැනල් 4 නාලිකාව විසින් විකාශය කිරීමට නියමිත බව ලීඩර් TV මිට දෙසතිකට පමණ පෙර වාර්තාකර තිබුනේ මෙසේය.

 

මුලාශ්‍ර පුවත් :

 


JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්