ඇමරිකානු ඩොලර් බිලියනයක ආයෝජනයක් ගෙනෙන සමුළුවක් කැඳවීමට පරිසර ඇමති නසීර් අහමඩ් විසින් සැලසුම් කර ඇතැයි භූ විද්‍යා සහ පතල් කාර්යාංශයේ සභාපති ආර්. සංජීවන් පැවසිය. 

ඔහු එබව කියා සිටියේ, පරිසර අමාත්‍යාංශය යටතේ ඇති භූ විද්‍යා සහ පතල් කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය. 

ඔක්තෝබර් මස 21- 21 දිනවල ශ්‍රී ලංකාවේ පළමු වතාවට පැවැත්වෙන ජාත්‍යන්තර භූ විද්‍යා සහ ඛනිජ සම්පත් සමුලුව පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණ.

විදේශීය ආයෝජකයින් 5කකට වැඩි පිරිසක් සභභාගී වන මේ සමුලුවෙන් ඩොලර් බිලියනයක ආයෝජන ලබා ගැනීමට සැලසුම් කර ඇත.

මාධ්‍ය හමුවේදී අදහස් දැක් වූ භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ සභාපතිවරයා තවදුරටත් මෙසේද සඳහන් කළේය.

“GSMB එක ලංකාවේ පළමු භූ විද්‍යා සහ ඛනිජ සම්පත් සමුලුව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මැතිතුමාගේ මගපෙන්වීම සහ බලගැන්වීම යටතේ අපි ඩොලර් බිලියනයක විදේශීය ආයෝජන ගෙනෙන්නට සැලසුම් කරමින් මේ සමුළුව සංවිධානය කරනවා. ආර්ථීක අර්බුදයෙන් පීඩාවට පත්වී සිටන අපේ රටට මෙය ඉතා විශේෂ කඩඉමක් වන බව අපේ විශ්වාසයයි.

ඒ සඳහා ලෝකයේ ඉදිරියෙන්ම සිටින ඛනිජ සම්පත් කර්මාන්තයේ යෙදී සිටින විදේශීය ආයෝජකයින් 500ක්වත් ගෙන්වීමට අප කටයුතු කරමින් සිටිනවා. 
ඔක්තෝබර් 21 සහ 22 දිනවල BMICH හිදී පැවැත්වෙන මේ සමුළුව සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති අතර immf.lk වෙබ් අඩවිය මගින් මේ ගැන වැඩි විස්තර ගබා ගත හැකියි. 

විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහයෙන් රාජ්‍යතාන්ත්‍රික සබඳතා තුළින් සහ අපගේ කාර්යමණ්ඩලයේ කැපවීම මගින් ලෝකයේ බොහෝ රටවලට දැනටමත් අප ආරාධනා කර ඇති අතර අපගේ රටට ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට  අප වැඩ කරමිනි සිටිනවා. 

ආණ්ඩුකාර සෙන්දිල් 13 අභිබවා ගියා ද ?

පසුගිය දිනවල නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාට විරුද්ධව ලබාදුන් අධිකරණ තීන්දුව හා සම්බන්ධ සිදුවීම මොකක්ද යනුවෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට  පිළිතුරු දෙමින් සභාපතිවරයා මෙසේ පැවසිය. 

“ ඇත්තටම මේ වන විටත් බොහෝ අය අපෙන් ඒ ගැන විමසා සිටිනවා. දැනටමත් අභියාචනාධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් බැවින් ඒ ගැන වැඩි විස්තර සඳහන් කිරීම නොසුදුසු යැයි මා සිතනවා.

නමුත් මම මේ අවස්ථාව භූ විද්‍යා සමීක්ෂණ ගැන පැහැදිලි කිරීමට අවස්ථාවක් කරගැනීමට කැමතියි. 

භූ විද්‍යා සහ පතල් කාර්යාංශය දැනට දශක 3ක 4ක සිට මේ දක්වා මේ සමීක්ෂණ සිදු කරගෙන එනවා.

දැනට අපි ව්‍යෘපෘති 50ට වඩා සම්පූර්ණ කර තිබෙනවා. උදාහරණයකට ඛනිජ වැලි සළකා බැලුවොත් අපි සිදු කරන්නේ අඟල් දෙකක් පමණ සිදුරක් ගැඹූරට සාදා වැලි ස්වල්පයක් ගෙන ඒවා විද්‍යාගාර පරීක්ෂණ සඳහා යොමු කර වාර්තා ලබා ගැනීමයි.

මීටර් 100ක පරතරයකින් සති දෙක තුනක් ඇතුළත සම්පූර්ණ කරන මේ පරීක්ෂණ වලින් කිසිදු පරිසර දූෂණයක් හෝ පරිසර හානියක් සිදු වෙන්නේ නෑ.

අපි මුලු වෙරළ තීරයේම වැලි රැගෙන ගොස් පරීක්ෂණ කරන්නේ නෑ.  ඒ මූලික පරීක්ෂණය සිදු කරන්නේ නැතුව අපේ රටට ඇති ඛනිජ සම්පත් ගැන නිවැරදි අදහසක් ගන්නට අපට නොහැකියි.

අපි මේ සියලු දේ සිදු කරන්නේ අදාළ ආයතන සියල්ලේම අවසර ලබාගෙනයි.

නමුත් අපේ ඉතිහාසයේ පළවෙනි වතාවට අපට මුහුණ දෙන්නට සිදු වූ  මේ ප්‍රශ්නය ගැන අප ඉතා කණගාටුවට පත් වෙනවා.

අපට ඒ ගැටලුව ඇති වූ මොහොතේ අප විසින් ඔවුන්ට ලිඛිතව දැනුම් දීමක් කළා. ඒ ගැන සෑහිමකට පත් විය හැකි පිළිතුරක් නොලැබුණු නිසා  ඉන් පසුව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ වැඩ කටයුතු නැවැත්වීමට උත්සහ කරළ විට අප අධිකරණ ක්‍රියාමාර්ගයකයට එළඹූණා.

එයින් අපේ කටයුතු වලට බාධා නොකරන ලෙසට අධිකරන තීන්දුවක් අපට ලැබුණා. ඒ ගැන ලියකියවිලි අපි මාධ්‍යයට ඉදිරිපත් කරනවා.

තවදුරටත් පැහැදිලි කරනවා නම්, ඛනිජ සම්පත් අයිති වන්නේ 13 වැනි සංශෝධනයේ සංචිත ලැයිස්තුව යටතටයි.  ඒ නම් ඒවා රටට සහ මහජනතාවට අයිති දේපොළ වේ. 

එබැවින් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශයට ඒ ගැන කටයුතු කිරීමට සම්පූර්ණ අයිතිය තිබෙනවා.”


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්