ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුවට අඟුළු දමා වසා දමා ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් ඊයේ (05) රාත්‍රී දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමත් සමග කිසියම් නොසන්සුන්කාරී තත්වයක් මතුවීමේ ඉඩකඩ සැලකිල්ලට ගෙන පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙසේ ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇතැයි පැවසේ. 

පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ද ඉවත් කළ දයාසිරි ජයසේකර වෙනුවට වැඩබලන ලේකම්වරයා ලෙස හිටපු මහ ඇමතිවරයකු වූ සරත් ඒකනායක පත්කර ඇතැයි ද වාර්තාවේ. 

කෙසේවෙතත් අප කළ විමසීමකදී දයාසිරි ජයසේකර පැවසුවේ පක්ෂ සභාපතිවරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් අද (06) පස්වරුවේ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන බවයි. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය පැවතියේ පසුගිය 03 වනදාය. 

සබැඳි පුවත් :
දයාසිරිගේ ශ්‍රීලනිප සාමාජිකත්වය අත්හිටුවයි

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්