පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින්, එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට ලබා දීම සඳහා නිදහස ජනතා සන්ධානයේ මන්ත්‍රීවරු ඊයේ (7) ලිපියකට අත්සන් තැබූහ.

'හෙලිකොප්ටරය' ලකුණින් පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් නිදහස ජනතා සන්ධානයේ විධායක කමිටු රැස්වීමක් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්වුණු අතර එහිදී මෙම ලිපියට අත්සන් තබා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර ද මෙම රැස්වීමට ආරාධනා කර තිබිණි.

තිලංග සුමතිපාල විසින් මෙම රැස්වීම සංවිධානයක කර තිබු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහචාර්ය ජී.එල් පීරිස්, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහාචාර්ය චරිත හේරත්, වීරසුමන වීරසිංහ ද අතුරලියේ රතන හිමි ඇතුළු ජනතා නියෝජිතයෝ කිහිප දෙනෙකුද ඊට සහභාගී වී සිටියහ.

මෙම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දයාසිරි ජයසේකර පැවසූයේ, තමා සමගි ජන බලවේගය හෝ එක්සත් ජාතික පක්ෂය සමග එකතු නොවන බවයි. 

PHOTO 2023 09 08 10 03 23


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්