සිංහරාජය ලෝක උරුම වන භූමිය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා තොරතුරු හා

පහසුකම් සැපයීමේ අරමුණින් ඉදිකළ “සිංහරාජ දොරණ ඇල්ල තොරතුරු මධ්‍යස්ථානය“ වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් ඊයේ(09) විවෘත කළේය.

ලෝක බැංකු ආධාර මත වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ පරිසර පරිසර පද්ධති සංරක්ෂණය හා කළමනාකරණය සඳහා කරන ව්‍යාපෘතිය මගින් මෙම තොරතුරු මධ්‍යස්ථාන ඉදිකිරීම සිදුකර ඇත.

සිංහරාජය නැරඹීමට රත්නපුර දිස්ත්‍රික්කය ඔස්සේ පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා තොරතුරු හා පහසුකම් සැපයීමේ අරමුණින් ඉදිකළ තොරතුරු මධ්‍යස්ථානය රත්නපුර, කලවාන, කුඩාව, දොරවක ඇල්ල ප්‍රදේශයේදී විවෘත විය .

මෙම විවෘත කිරීමේ අවස්ථාවට ලෝක බැංකුව වෙනුවෙන් එහි නියෝජිත ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ස්වභාවික සම්පත් කළමනාකරණ විශේෂඥ ඇන්ඩර්ස් ජෙන්සන් ද ඇතුළු පිරිසක් එක්ව තිබේ.

{gallery}Dorana Ella{/gallery}

සිංහරාජ ජෛවගෝල රක්ෂිතය

ගාල්ල, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික් තුනකට මායිම්ව පිහිටා ඇති සිංහරාජ ජෛවගෝල රක්ෂිත වනාන්තරය හෙක්ටයාර 11 187ක් පුරා පැතිර පවතී.
පහතරට තෙත් කලාපීය වනාන්තරයක් වන මෙය නිවර්තන වනාන්තර සහ උප කඳුකර වනාන්තර යන වෘක්ෂලතාවලින් සමන්විතය.

හෙක්ටයාර 1ක් තුළ ශාක වර්ග 240000 ක් පමණ දක්නට ලැබෙන මෙම වනාන්තරය තුළ තුරු වියන් ස්ථර හතරකින් සමන්විතය.

මෙරටට ආවේනික ශාක වර්ග 192ක්, ඉතාම දුර්ලභ ශාක වර්ග19ක් සහ ජාතික මට්ටමින් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක වර්ග 30ක්ද ගෝලීය මට්ටමෙන් වඳවී යාමේ තර්ජනයට මුහුණපා ඇති ශාඛ වර්ග 116ක්ද මෙහි දක්නට ලැබේ.

මෙරටට ආවේණික ක්ෂීරපායී විශේෂ 07ක් පක්ෂී විශේෂ 25ක්, උරඟ විශේෂ 21ක් උභය ජීවීන් 28ක් සහ මත්ස්‍ය විශේෂ 11ක් මෙහිදී හමුවේ.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්