බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි ඝාතනය කිරීමේ සුදානමක් තිබු බව වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයකු වන පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් විසින් අනාවරණය කර තිබේ. 

පිල්ලෙයාන් අමාත්‍යවරයා තමන් වහන්සේට දුරකථන ඇමතුමක් ලබාදෙමින්, රිමාන්ඩ් භාරයේ සිටි සමයේ දැනගත් කරුණු කරනා රැසක් පසුගියදා අනාවරණය කරසිටි බවත්, ඒ අනුව තමන්වහන්සේ ඝාතනය කිරීමේ සුදානමක් තිබී ඇති බවත් ''බොදුබල සේනා සංවිධානයේ'' මහ ලේකම් පුජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් පැවසුහ.

'' පිල්ලෙයාන් ඇමතිතුමා කියපු විදියට මාව ඝාතනය කරන කුමන්ත්‍රණය තිබිලා තියන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ඉස්සෙල්ල. ඒ ඝාතන තැත වෙනුවෙන් මාලදිවයිනෙන් පස්දෙනෙක් ඇවිත්. පිල්ලෙයාන් ඇමතිතුමා ඔය ගැන පාස්කු ඉරිදා කොමිසමකදීත් කීවට මාධ්‍යවලින් ඊට අදාල ප්‍රකශ අරගෙන නැ කියල ඇමතිතුමා කියනවා. ඒ දෙමලෙන් කියපු නිසා වෙන්නත් ඇති.. කොහොම වුනත් ඔය ගැන හොයන්න CID එකේ ගුණසේකර කියන නිලධාරියාගේ ප්‍රධානත්වෙන් විමර්ශනයකු පටන් අරගෙන අතරමැදදී නවත්තල. 

පිල්ලෙයාන් ඇමතිතුමා ඔය කුමන්ත්‍රණයට සම්බන්ධයි කියන කෙනා මාව හම්බවෙන්නත් ඇවිත් තියනවා. අපි වව්නියාවේදී හමුවෙන්නත් යොදාගෙන තිබුන. එත් මොකක්දෝ හදිසි වැඩක් වැටිලා මට එදා යන්න බැරි වුන. පස්සේ තමයි ආරන්චිවුනේ මාව වවුනියාවට ගෙනියන්න හදපු පුද්ගලයා පාස්කු ඉරිදා සිද්ධියට සම්බන්ධයි කියල සැකපිට අත්අඩංගුවට අරගෙන කියල..

 ඒ වෙනකොට බොදු බල සේනා සංවිධානයට තිබුන හයියත් එක්ක , ඔය වගේ කුමන්ත්‍රණයකින් මාව ඝාතනය කළා නම් රටම ගිනිගන්න තිබුන. රටම අරාජික වෙන්න තිබුනා. රටෙත් ජනතාවගේත් වාසනාවට එහෙම දෙයක් වුනේ නැ ..

'' අන්තවාදීන්ගේ කඩු මුදේ ගිල්ලුවට මතවාදේ ගිල්ලුවේ නැ''

පාස්කු ඉරිදා ප්‍රහාරක ත්‍රස්තවාදීන්ගේ කඩු කිනිසි මහ මුහුදේ ගිල්ලු නමුත්, එම ඉස්ලාමයේ නාමයෙන් ඇතැම් අන්තවාදීන් පෝෂණය කළ මතවාදය ගිල්ලිමට මෙතෙක් කටයුතු කර නැතැයි ද බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් හිමියන් කියා සිටියේය. 

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ආරක්ෂක අංශ විසින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිදු කරන ලද වැටලීම්වලදී සොයා ගත් කඩු 1000කට අධික ප්‍රමාණයක් ඇතුළු රාජසන්තක කළ නඩු භාණ්ඩ රැසක් අධිකරණ නියෝග පරිදි පසුගියදා ගැඹුරු මුහුදේ ගිල්වනු ලැබිය. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඥාණසාර හිමි මෙසේද පැවසුහ.

'' ඉස්ලාමිය නාමයෙන් ඇතැම් ත්‍රස්තවාදීන් මිනිසුන් සන්නද්ධ කරනවා. ආගමේ නාමයෙන් මරාගෙන මැරෙන මානසිකත්වයක් ගොඩනගනවා. අපි බොදුබල සේනා සංවිධානය විදියට මේවා හෙලිකරා. ඒවා ගණන්ගත්තෙ නැ . අපි අන්තවාදීන් නෙමෙයි.. උදාහරණයක් විදියට වඳ කොත්තු, වඳ බ්‍රෙසියර් වගේ අවිද්‍යාත්මක කතා අපි කවදාවත් කියල නැහැ. ඒ වුනාට ඒවා ගියේ අපේ පිටින්.. හැබැයි අපි වන්ද්‍යා කරණයට විරුද්ධව අදහස් දැක්වුවා. නමුත් දැනටත් රාජ්‍ය නොවන සංවිධාන දෙකක් ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේම ක්‍රියාත්මක වෙනවා.'' යයි ද උන්වහන්සේ පැවසුහ.

සබැඳි පුවත් :
පාස්කු ප්‍රහාරයෙන් පසු ඇල්ලූ ආයුධ මුහුදේ ගිල්වයි


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්