නීති විරෝධි ක්‍රම යොදාගෙන නැගෙනහිර මුහුදේ මසුන් මැරීම සදහා ධිවරයන් කිහිප දෙනෙකුට රජය ලබා දී තිබෙන අනුමැතිය අහෝසි කරන ලෙස ඉල්ලමින් ත්‍රිකුණාමලයේ දී විරෝධතාවයක් දියත් කර තිබේ.


ත්‍රිකුණාමලයේ පිහිටි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලය ඉදිරිපිටදී සැප්තැම්බර් 13 වැනිදා විරෝධතා දියත් කළ 500 ට ආසන්න සිංහල හා දෙමළ ධිවරයන් චෝදනා කළේ සුරුක්කු දැල් තහනම් ක්‍රමය ඔස්සේ රාත්‍රි කාලයේ දී මසුන් මැරීමට ධිවරයන් 176 දෙනෙකුට ධිවර අමාත්‍යාංශය අනුමැතිය ලබා දීම නිසා සෙසු ධිවරයන්ගේ රැකියා අනතුරට ලක්ව ඇති බවයි.

 
රාත්‍රී කාලයට පමණක් දුන් අවසරය යොදා ගනිමින් ඔවුන් දිවා කාලයේ ද සුරුක්කු දැල් භාවිතයෙන් මසුන් මැරීම නිසා කුඩා මත්ස්‍ය විශේෂ මහා පරිමානයෙන් විනාශ වන බවද එහිදී ඔවුන් පෙන්වා දී තිබේ.

Trincomalee Protest 04

නීති විරෝධි ක්‍රම යොදාගෙන සිදු කෙරෙන මසුන් මැරීමේ කටයුතු නතර කිරීමට මැදිහත් වන ලෙස 2006 වසරේ සිට ධිවර බලධාරීන්, ඇතුළු නාවික හමුදාවට කොතරම් පැමිණිලි කළත් ප්‍රශ්නය විසදීමට ඔවුන් අසමත් බවට චෝදනා කරන විරෝධතාවයේ නිතර ධිවරයන් පවසන්නේ ත්‍රික්‍රණාමලය තිරියාය සිට වෙරුගල් දක්වා ධිවර ගම්මාන වල ජීවත් වන පවුල් 1000 ක් පමණ මහත් දුෂ්කරතාවයකට පත්ව ඇති බවයි.

ඔවුන් පවසන පරිදි එම ධිවර පවුල් 1000 ට අයත් 7000 ක් පමණ පිරිසක් ජීවත් වන්නේ මසුන් මැරීමෙන් ලබන ආධායමෙනි. එහෙත් ධිවරයන් කිහිප දෙනෙකු තහනම් පන්න යොදා ගනිමින් සිදු කරන මසුන් මැරීම නිසා ඔවුන් සියලු දෙනාගේ ජීවිකාවට මරු පහරක් එල්ල තිබේ.

ප්‍රදේශයේ ධිවරයන් මුහුණ දී සිටින ආර්ථික අර්බුදය පැහැදිලි කරමින් දෙමළ ධිවරයකු සදහන් කළේ ධිවරයන්ට ණය බරින් මිරිකී සිටින බවයි.  

"තිරියාය සිට වෙරුගල් දක්වා ධීවරයන් ණයට අරගෙන කන තත්වයට පත් වෙලා තියනවා. සුරුක්කු භාවිතය නිසා මුහුදු සම්පත් විනාශ වීමයි ඒකට හේතුව. මේ ප්‍රශ්නය අවුරුදු 15කට වැඩි කාලයක් තිස්සේ පවතිනවා."

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්