leader s

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න ගමන් කළ මෝටර් රියට කිසියම් පිරිසක් ඊයේ (17) රාත්‍රී 10.35 පමණ


අනුරාධපුර ගුවන්තොටුපොළ පාර අසලදී වෙඩි තබා ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

මන්ත්‍රීවරයා සිය නිවෙසට පැමිණෙමින් සිටියදී වෑන් රියකින් පැමිණි පිරිසක් ඔහුගේ මෝටර් රියට මෙසේ වෙඩි කිහිපයක් තබා පලා ගොස් තිබිණැයි කියති.

මෝටර් රථයේ වම්පැත්තේ පිටුපස අසුන ප්‍රදේශයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී තිබේ.

මෙම අවස්ථාවේදී මන්ත්‍රීවරයා පමණක් මෝටර් රථයේ සිට ඇති අතර ප්‍රහාරයෙන් ඔහුට කිසිදු හානියක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කළේය.

අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීහු පිරිසක් ඒ මොහොතේම ඒ ස්ථානයට ගොස් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇත.

විමල් වීරවංශ නායකත්වය දරන 'ජාතික නිදහස් පෙරමුණේ' සාමාජිකයකු වන උද්දික ප්‍රේමරත්න, පසුගිය මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ඔහු මෑතක සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන අතර ඔහු විසින් පසුගිය දිනවල සිදුකළ ඇතැම් ප්‍රකාශ සමාජයේ ආන්දෝලනයට ලක්විය.

මෙම සිද්ධිය සම්න්ධයෙන් අනුරාධපුර පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර නිවසට පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාවද යොදා ඇති බව සඳහන්ය.

 

Ud 2023.09.18

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්