1200 x 80 DMirror

රාජපක්ෂවරුන්ට එරෙහිව චැනල් ෆෝ නාලිකාව නැගූ චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය

විසින් ප්‍රතික්ෂේප කිරීමත්, ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපති වික්‍රමසිංහ එම චෝදනා විමර්ශනය කිරීමට කමිටුවක් පත් කිරීමත් එකිනෙකට නොගැලපෙන හතරබීරි කතාවක් බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක මුජුබුර් රහුමාන් පවසයි.

ජනාධිපති යටතේ තිබෙන ආරක්ෂක අමාත්‍යංශය අදාල චෝදනාව ප්‍රතික්ෂේප කරන විට ජනාධිපතිවරයා චෝදනාව ගැන හොයන්න කමිටුවක් පත් කිරීම විහිළුවට කරුණක් නොවේ දැයි මුජුබුර් රහුමාන් ප්‍රශ්න කරයි.

සමගි ජන බලවේගයේ මැද කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මුජුබුර් රහුමාන් මේ බව කීය.

ආරක්ෂක අමාත්‍යාංශය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළ බව ජනාධිපතිවරයා දන්නේ නැද්දැයි ප්‍රශ්න කළ මුජුබුර් රහුමාන්, ආරක්ෂක ලේකම්වරයා අදාළ නිවේදනය නිකුත් කළේ ආරක්ෂක ඇමතිවරයාට නොකියා දැයි මෙහිදී විමසීය.

ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක අමාත්‍යංශයේ මේ පරස්පර හැසිරීමෙන් පෙනෙන්නට තිබෙන්නේ මේ කාරණය සම්බන්ධයෙන් බරපතල ලෙස මත දෙකක් තිබෙන බව යැයි රහුමාන් කීය.

වත්මන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයේදී පමණක් නොව ඔහු ළඟින්ම ඇසුරු කළ පුද්ගලයෙක් බව කී මුජිබර් රහුමාන්, එවැන්නකුගෙන් බලාපොරොත්තු විය හැක්කේත් එම චෝදනාව ප්‍රතික්ෂේප කිරීමක් බවද පැවසීය.


සබැඳි පුවත් :

චැනල් 4 : ජනාධිපති හා ආරක්ෂක අමාත්‍යාංශය දෙන්නා දෙපොලේ

චැනල් 4 චෝදනාවලට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිල ප්‍රතිචාරයක් !

'චැනල් ෆෝ' චෝදනා විමර්ශනයට කමිටු 02 ක්

 

 

JW

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්