චැනල් 4 නාලිකාව විසින් පසුගියදා විකාශය කරන ලද ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන මගින් හෙළිදරව් කරන ලද තොරතුරු සහ එල්ල කරන ලද බරපතල චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල්

වික්‍රමසිංහ විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

2019 වසරේ පාස්කු ඉරුදින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සත්‍යය සෙවීම සහ යුක්තිය ඉටුකිරීම සඳහා සාධනීය පියවරක් තබමින් ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

 විනාශකාරී පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස මහ මොළකරුවෙකු සිටින බවට චෝදනා කරමින් හිටපු නීතිපතිවරයෙකු ද මෙවැනිම ප්‍රකාශයක් කර ඇති බැවින්, මෙම තත්ත්වය ඇවිලෙන ගින්නට පිදුරු දැමීම වැනි තත්ත්වයක් ඇති කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මෙම ගැටළු පුළුල් ලෙස අවධානයට ලක් කර කඩිනමින් විසඳීම සඳහා, මෙම කැළඹිලි සහගත ප්‍රකාශ විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමට ද රජය අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

පවතින තත්ත්වයෙහි බරපතලකම අනුව දැනට පවතින සියලු තොරතුරු පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් සිදු කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව සහ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට අමතරව ඉදිරියේදී නිකුත්වීමට නියමිත මෙම වාර්තා දෙක ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

නීති සම්පාදකයින්ට තත්ත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දීම තුළින් නිවැරදි හා තීරණාත්මක ක්‍රියාමාර්ග සඳහා මග පෑදීම මෙම පුළුල් ක්‍රියාදාමයේ අරමුණ වේ.
 
2019 අප්‍රේල් මස 21 වනදා මුළු මහත් රටම කැළඹීමට පත් කරමින් එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත බෝම්බ ප්‍රහාර මාලාව මගින් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවම ශෝකයේ ගිලී ගිය බව සිහිපත් කිරීම අත්‍යවශ්‍ය බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් නිවේදනයේ දැක්වේ.

 පාස්කු ඉරුදින දේව මෙහෙයන්ට සහභාගී වෙමින් සිටි බැතිමතුන්ගෙන් පිරුණු කතෝලික දේවස්ථාන මෙන්ම සුඛෝපභෝගී හෝටල් ද ඉලක්ක කර ගනිමින් කොළඹ නගරය සහ ඒ අවට කේන්ද්‍ර කරගනිමින් දිවයිනේ ස්ථාන 08ක විනාශකාරී පිපිරීම් අටක් සිදු විය.

එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් ජීවිත 269 ක් අහිමි වූ අතර පුද්ගලයන් 500කට ආසන්න පිරිසකට බරපතල තුවාල සිදුව තිබිණ.

මෙම ඛේදනීය සිදුවීමේ අහිතකර ප්‍රතිවිපාක සමඟ සමස්ත ජාතියම පොරබදිමින් සිටින අවස්ථාවක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන ඇති මෙම පියවර සත්‍යය හෙළිදරව් කිරීමට සහ බරපතල චෝදනා හමුවේ වගවීම සහතික කිරීමට ගත් තීරණාත්මක පියවරක් බව ද ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.

සත්‍ය සෙවීම සඳහා මෙම තීරණාත්මක විමර්ශනයන් සිදු කෙරෙන අතරම, වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජයේ ප්‍රධාන අරමුණ බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


සබැඳි ලිපි :

“සොනික් සොනික්“ රාජ්‍ය බුද්ධි සේවයේ ! - ලසන්ත රුහුණගේ

ජාතික ආරක්ෂාව, රාජ්‍ය සහ බුද්ධි අංශය ; ගල් ගහන ගස කාගේද ?

පාස්කු බෝම්බයේ සැඟවූ රහස් : කවුද මේ අබුහින්ද්, පොඩි සහරාන්, සහ ජමීල් - (පළමු කොටස)

පාස්කු ප්‍රහාරයේ සැඟවූ රහස්: කවුද මේ හිටිහැටියේ පහළ වූ අසාද් මවුලානා ? - (දෙවන කොටස)

පාස්කු ප්‍රහාරයේ සැඟවූ රහස්: චැනල් 4 ප්‍රහසනය හමුවේ සමාජ වගකීම - (අවසාන කොටස)

පාස්කු යුක්තියේ දේශපාලන හස්තය

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට රාජපක්ෂ පවුල සම්බන්ධයි ! - චැනල් ෆෝ වීඩියෝව අද එලියට


ආයේ ආයෙත් මුණගැසෙන රහස්....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

'තමන්ටත් දරුවන්ටත් විශාල තර්ජනයක්' - බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ

රාජපක්ෂගේ නිලධාරීන් ‘පාස්කු ඉරිදා බෝම්බවලට සම්බන්ධයි’ - එංගලන්තයේ 'ද ටයිම්ස්'

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය: චැනල් 4 ආන්දෝලනාත්මක වීඩියෝව සැප්. 5 එලියට !

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්