තිලීපන් අනුස්මරණ පෙළපාළිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් පොලිස් අවසරයකින් තොරව

සිංහලයන් වෙසෙන ප්‍රදේශයකට ගෙන ගිය බවත්, එය ජාතීන් අතර ගැටුමක් ඇතිකිරීමට හේතුවූ බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් පවසයි.

ආණ්ඩුකාරවරයෙකු ලෙස රටේ සහජීවනය ආරක්ෂා කිරීමේ වගකීමක් තමා සතු වන බව ද ඔහු කියා සිටියි.

ඔහු එබව කියා සිටියේ, විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුදය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඉතාමත් කල්පනාකාරීව කටයුතු කිරීමේ වගකීමක් තිබෙන බවත්, නොසැලකිලිමත් වීමෙන් රටේ සංහිඳියාව කඩාකප්පල් වන බවත්, එය රටේ  නීතිය හා සාමයට තදින් බලපාන බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.

මින් ඉදිරියට නැගෙනහිර පළාත තුළ සහජීවනයට බාධා වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු නොවීමට පියවර ගන්නා ලෙස තමා විසින් පොලිසියට උපදෙස් දුන් බවද නැගෙනහිර ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියා සිටියේය.
 

 Sep 17 1

Sep 17 2

Sep 17 3



දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් තරුණ නායකයකු දිවි පුදා 36 වසරක් ගතවීම අනුස්මරණය කරමින් ගමන් ගත් සාමකාමී රථ පෙළපාලියකට හා දෙමළ ජනතා නියෝජිතයකුට නැගෙනහිර දී සිංහල මැර කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබිණ.

එම ප්‍රහාරයෙන් දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් හා එම පෙරමුණේ නීතිඥ නටරාජ් කාන්දීපන් ද තුවාල ලබා ඇති බවයි ත්‍රිකුණාමලය වාර්තාකරුවන් පවසන්නේ.

ඉන්දීය හමුදාවට එරෙහිව මාරාන්තික උපවාසයක යෙදී ජීවිතය පරිත්‍යාග කිරීම නිසා ත්‍යාගී තිලීපන් ලෙසින් ගෞරවයට පාත්‍ර වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලුතිතන් කර්නල් රාසයියා පාර්තිපන් අනුස්මරණ සතිය  නිමිත්තෙන් සැප්තැම්බර් 15 වැනිදා දෙමළ ජාතික ජනතා පෙරමුණ පොතුවිල් වලින් ආරම්භ කළ රථ පෙළපාලිය මඩකලපුව, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය හරහා  නල්ලුර් කන්දසාමි කෝවිල අසල ඉදිකර තිබී 2010 දී රජයේ ආරක්ෂක අංශ විසින් කඩා බිඳ දමන ලද තිලීපන්ගේ ස්මාරකය දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබුනි.


සබැඳි පුවත් :
පොලිසිය බලා සිටියදී දෙමළ මන්ත්‍රීට පොලු ගත් සිංහල මැර ප්‍රහාරයක්

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්