පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහභාගීවී නැතැයි 'ලංකාදීප'  පුවත්පත් වාර්තා කරයි.

 මෙම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභාවේ නම් සඳහන්වූ නිලන්ත ජයවර්ධන, මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුලුවට සහභාගි වන්නේ කෙසේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගෙන් ඊයේ (19) ප්‍රශ්න කළහ.

මේ සම්බන්ධයෙන් 'ලංකාදීප' පුවත්පත කළ විමසීමකදී නිලන්ත ජයවර්ධන පවසා ඇත්තේ, එවැනි වැඩමුළුවක් සඳහා තමාට ආරාධනයක් හෝ නොලැබුණු බවයි.

කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාර්ලිමේන්තුවේ ඊයේ (19) පැවති බලශක්ති සහ ප්‍රවාහන ආංශික අධික්ෂණ අධික්ෂණ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමට සහභාගීවී සිටියේය.

ඔහු එම රැස්වීමට සහභාගි වී ඇත්තේ පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙනුවෙනි. එම රැස්වීමට තමාට නොවැළක්විය හේතුවක් මත සහභාගීවීමට නොහැකි වන බව පොලිස්පතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියකින් දැනුම්දී තිබී තිබිණ.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වූණේද පෙරේදා (19) ය.

තමා වෙනුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන බලශක්ති සහ ප්‍රවාහන ආංශික අධික්ෂණ අධික්ෂණ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමට සහභාගීවන බව දැනුම්දෙමින් පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වෙත යොමුකර තිබු ලිපිය පහත පළවේ.

WhatsApp Image 2023 09 20 at 10.05.44 PM


මෙතෙක් හෙළිදරව් නොවූ කරුණු රැසක් එලියට !


පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් විශේෂ වැඩමුළුවක් පාර්ලිමේන්තු කමිටු කාමර අංක 01 හීදී ඊයේ (19) සංවිධානය කර තිබිණ.

ඒ සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය නියෝජනය කරමින් උසස් නිලධාරීන් කිහිප දෙනෙකුද සහභාගී විය.

මෙම විශේෂ හමුව සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වූ අතර පරීක්ෂණ වාර්ථාව පිළිබඳ මන්ත්‍රී වරුන් නැඟූ ප්‍රශ්න වලට විමර්ෂණ නිලධාරීන් විසින් පිළිතුරු ලබා දීම සිදු කෙරිණි.

 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන්  මෙතෙක් හෙළිදරව් නොවූ කරුණු රැසක් මෙම වැඩමුළුවේදී අනාවරණය වූ බව ඊට සහභාගිවූ මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවේ ප්‍රකාශකර තිබිණ.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්