theleaderlk 01

පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම සඳහා

එම ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවන් යොදා ගැනීමෙන් සිදු වන්නේ, පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් කිරීමක් බව ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසති.


උන්වහන්සේ එබව පැවසුයේ, කොළඹ දී අද (20) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාල විමර්ශනයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම සඳහා කැඳවා තිබු වැඩමුළුවට මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සාක්ශි විනාශ කල බවට චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියකු ද කැඳවා තිබු බව ගරු සිරිල් ගාමිණී පියතුමන් එම මාධ්‍ය හමුවේ දී පැවසුහ. 
 

 
 
මෙතෙක් හෙළිදරව් නොවූ කරුණු රැසක් එලියට !

පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් විශේෂ වැඩමුළුවක් පාර්ලිමේන්තු කමිටු කාමර අංක 01 හීදී ඊයේ (19) සංවිධානය කර තිබිණ.

ඒ සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය නියෝජනය කරමින් උසස් නිලධාරීන් කිහිප දෙනෙකුද සහභාගී විය.

මෙම විශේෂ හමුව සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වූ අතර පරීක්ෂණ වාර්ථාව පිළිබඳ මන්ත්‍රී වරුන් නැඟූ ප්‍රශ්න වලට විමර්ෂණ නිලධාරීන් විසින් පිළිතුරු ලබා දීම සිදු කෙරිණි.

 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් හෙළිදරව් නොවූ කරුණු රැසක් මෙම වැඩමුළුවේදී අනාවරණය වූ බව ඊට සහභාගිවූ මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවේ ප්‍රකාශකර තිබිණ.
 

 

 

 

JW

නවතම පුවත්