කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ගැසට් කර තිබෙන ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳ පනත් කෙටුම්පත ගැන විවිධ අදහස් මතුවෙමින් තිබෙනවා. 

ඔන්ලයින් හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය සහ දිවේශ සහගත හැසිරීමෙන් වන හානිය අවම කිරීම අරමුණු කරගෙන මෙම පනත හඳුන්වාදෙන බව කෙටුම්පතේ සඳහන් වෙනවා. 

මේ අතර මෙම පනත මගින් රජය අන්තර්ජාල වාරණයට සූදානම් වන බවට චෝදනා එල්ලවෙමින් තිබෙනවා.

පසුගියදා 'වාපා රූපවාහිනි' (VAPA Television) නාලිකාවේ ''අර්ථ -Artha'' වැඩසටහනට සහභාගි වෙමින් කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය පිළිබඳ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රදීප්  එන් වීරසිංහ විසින් අන්තර්ජාල නියාමනය පිළිබඳව දේශීය සහ ජාත්‍යන්තර පසුබිම සහ එහි තාක්ෂණික, සමාජ, ආර්ථික, දේශපාලන යථාර්ථයන් පිළිබඳ විග්‍රහයක් කර තිබෙනවා. 

විශ්ව මානව හිමිකම් ප්‍රකාශණයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, අන්තර්ජාල තාක්ෂණික යෝධයන්ගේ ක්‍රියාකාරිත්වය සහ සමාජ  මාධ්‍ය ක්‍රියාකාරිකයින්ගේ හැසිරීමේ යථාර්ථයන් ආචාර්ය වීරසිංහ මෙහිදී අභියෝගයට ලක් කර තිබෙනවා. 

සමාජයේ  බලවත්ම බලය සහිත ආයතනයක් වශයෙන් පැවැති රූපවාහිනී සහ ගුවන්විදුලි මධ්‍යස්ථාන වලට තිබූ ස්ථානය අන්තර්ජාල මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් අත්පත් කරගෙන තිබීම, එම පැරණි මාධ්‍ය හිමිකරුවන් ක්‍රියාවට  නැංවූ දේශපාලන, ව්‍යාපාරික, පෞද්ගලික න්‍යාය පත්‍ර අන්තර්ජාල මාධ්‍ය හිමිකරුවන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් ඊටත් වඩා ප්‍රබල ලෙස ක්‍රියාවට නංවමින් විශාල සමාජ, දේශපාලන, ආර්ථික ආධිපත්‍යක් ගොඩනගා තිබෙන ආකාරයත් එම ආධිපත්‍ය විසින් රටක පුරවැසියන් වින්දිතයන් බවට පත්වෙන ආකාරයත් ආචාර්ය වීරසිංහ මෙහිදී පෙන්වා දෙනවා.

 

සමාජයේ බලය හිමි කණ්ඩායම්වල මතවාදී ආධිපත්‍ය සමාජ මාධ්‍ය අවකාශය තුළ පෙරටත් වඩා තහවුරු වී ඇති බවට ආචාර්ය වීරසිංහ මෙහිදී තර්ක කරනවා. මෙම කණ්ඩායම් තමන්ගේ පටු දේශපාලන, ආර්ථික සහ පෞද්ගලික අරමුණු සඳහා ව්‍යාජ ප්‍රවෘත්ති, දුෂ් තොරතුරු, පෞද්ගලිකත්වයට හානි සිදු කිරීම, අපහාසය, ප්‍රතිරූප ‍ ගොඩනැගීම සහ ප්‍රතිරූප විනාශ කිරීම ආදී උපාය මාර්ග ඔස්සේ කරනු ලබන ‍ක්‍රියාකාරකම් නිසා අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය වින්දිතයින් මුහුණ දෙන තත්ත්වය මෙහිදී මතුකර තිබෙනවා.

 

පැරණි මාධ්‍ය වටපිටාව තුළ ලෝකයේ අදහස් හා තොරතුරු වෙළෙඳපොළ මාධ්‍ය හිමිකරුවන් පනස් දෙනෙකු පාලනය කළ ආකාරය සහ වර්තමාන සමාජ මාධ්‍ය ව්‍යාපාරික හිමිකාරත්වය විසින් අදහස් සහ තොරතුරු වෙළෙඳපොළ පාලනය කිරීමේ හැකියාව පුද්ගලයන් පස් දෙනකුට ලැබී තිබෙන අන්දම මෙම සම්මුඛ සාකච්ඡාවේදී මතු කරයි.

රුසියාව, ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව සහ ජර්මනිය ආශ්‍රිතව අන්තර්ජාල නියාමනයට ගෙන ඇති පියවර සහ උත්සාහයන් ද ඒවායේ ප්‍රතිඵල ද මෙහිදී විග්‍රහ කර තිබෙනවා.

සමාජ මාධ්‍ය විසින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට උපරිම අවස්ථාවක් ලබා දෙමින් සක්‍රීය පුරවැසියෙක් නිර්මාණය කරන අතරම algorithm තාක්ෂණය විසින් පෞද්ගලික දත්ත එකතු කිරීම හරහා පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීම, ඒවා ව්‍යාපාරික අරමුණුවලට යොදා ගැනීම, ප්‍රචණ්ඩත්වය, හැඟීම්, ව්‍යාජත්වය,  සාමූහික ක්‍රියාකාරකම් , ආධිපත්‍යය හා හිංසනය, අලෙවිකරණ  ආදායම් ඉපයීමේ උපාය මාර්ගයක් ලෙස යොදා ගන්නා ආකාරය ආචාර්ය වීරසිංහ මෙහිදී පෙන්වා දෙනවා.

 

මෙම තත්වය හමුවේ අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය පාලනයට නීති ගෙන ඒම වෙනුවට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සහ කල් පවතින විසඳුම වන්නේ සියලු පුරවැසියන් සමාජ මාධ්‍ය සාක්ෂරතාවයෙන් බලාත්මක කිරීම සඳහා ජාතික මට්ටමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීම, කරුණු පරික්ෂා කිරීමේ ආයතන ව්‍යාප්ත කිරීම සහ  සමාජ මාධ්‍ය  ක්‍රියාකාරීත්වයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීම සඳහා ස්වාධීන පැමිණිලි කොමිසමක් පිහිටුවීම බවයි මෙහිදී ආචාර්ය වීරසිංහ පෙන්වා දී ඇත්තේ.




සබැඳි පුවත් :

සමාජ මාධ්‍ය නියාමන පනත පොලිස් ඇමැතිට ඇටවූ උගුලක්ද?

'අතත් බැඳලා කටත් වහලා මිලියන 22ක් පාලනය කරන්න ඉඩ දෙන්න එපා' !

Google, Facebook, YouTube, TikTok ලංකාව හැරදා යාමේ අනතුරක් !


 

 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්