leader s

"මේධානන්දාභිනන්දන" කෘතිය හා මුල්දින කවරය එළිදැක්වීමේ උත්සවය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පැවැත්විණි.


පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය එල්ලාවල මේධානන්ද නාහිමිගේ පුරාවිද්‍යා සේවාව අගයමින්මෙම උපහාර උළෙල සංවිධානය කර තිබිණ.

එම අවස්ථාවට මල්වතු විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නායක මාහිමිපාණන් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නායක මාහිමිපාණන් වහන්සේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉත්තදෙමළියේ ඉන්දසර ස්වාමීන් වහන්සේ, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ, මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ, ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ඇතුළු සඟරුවනේ සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවයට සම්භාවනිය අමුත්තන් රාශියක් ද සහභාගිවුහ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ, දියවඩන නිළමේ නිලංග දෑල ඇතුළු විශාල ආරාධිතයන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

 මෙහිදි නාහිමියන්ගේ සේවාව අගයමින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නාහිමියන්ගේ රුව සහිත මුද්දරයක් ද නිකුත් කෙරිණ.

 බුද්ධශාසන හා සංස්කෘතික අමාත්‍යාංශය, පුරා⁣විද්‍ය දෙපාර්තමේන්තුව, ජාතික උරුමයන් පිළිබඳ මහ සම්මේලනය මෙම උළෙල සංවිධානය කර තිබිණ.

Gota 2023.0923

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්