leader s

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ චෝදනා ලබා ඇති පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම බැඳුම්කර ගණුදෙනු සඳහා සුදුසුකම් ලත්

ප්‍රාථමික ගැනුම්කරුවෙකු ලෙස තෝරා පත්කර ගැනීමට සුදුසුකම් ලබා නොසිටියදී, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නිර්දේශවලට පිටින් ගොස් එම සමාගම ප්‍රාථමික ගැනුම්කරුවෙකු ලෙස තෝරා පත්කරගෙන ඇතැයි පස්වැනි වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිකර තිබේ.

Text 26 1එම තීරණය සඳහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් දූරකථන ඇමතුමකින් බලපෑම් කර ඇති බවද එම වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් වේ.

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ආයතනය ප්‍රාථමික ගැනුම්කරුවෙකු ලෙස තෝරාගැනීමට අදාල එම සමාගමේ අයදුම්පත්‍රය 2012 වර්ෂයේදී ලැබී තිබේ. එම වසරේ නොවැම්බර් 06 වැනිදා එම අයදුම්පත්‍රයට අදාල දැන්වීම ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරී වෙත දැනුම්දී ඇත. 2013 මැයි 09 වැනිදා පර්පෙචුල් ට්‍රෙෂරීස් ආයතනයට ප්‍රාථමික ගණුදෙනුකරුවෙකු ලෙස කටයුතු කිරීම සඳහා අනුමැතිය ලබාදීමට මුදල් මණ්ඩලය එකඟ වී ඇත.

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් අයදුම්පතෙහි අඩුපාඩු රැසක් තිබීලත් ....

කෙසේ වෙතත් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම ඉදිරිපත් කළ අයදුම්පතෙහි අඩුපාඩු රැසක් තිබී ඇතැයි වෝහාරික විගණනයෙන් පෙන්වාදෙයි. එම සමාගමට ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් නොතිබුණු බවද එමගින් පෙන්වාදෙයි. ඊට අමතරව මූල්‍ය සේවා ක්ෂේත්‍රයෙහි පෙර අත්දැකීම් නොතිබීම ඇතුළු අඩුපාඩු රැසක් එම අයදුම්පතට අදාලව තිබී ඇතැයි පෙන්වාදෙයි.

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරී එන්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර සමග විගණනයේදී කර ඇති සම්මුඛ සාකච්ඡාවේදී ඔහු කියා ඇත්තේ තමන්ගේ නිර්දේශවලට පිටින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනය ප්‍රාථමික ගැනුම්කරුවෙකු ලෙස තෝරාගෙන ඇති බවය. මහ බැංකුවේ සහකාර අධිපති බී.ඩී.ඩබ්ලිව්.ඒ. සිල්වා වෙත එම නුසුදුසුකම ඇතුලත් තම නිර්දේශය දැනුම්දී ඇති බවය.

 

නානායක්කාරගේ නිර්දේශය ඇතුළත් කර නැහැ !

කෙසේ වෙතත් මහ බැංකුවේ සහකාර අධිපති  බී.ඩී.ඩබ්ලිව්.ඒ. සිල්වා පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ආයතනය ප්‍රාථමික ගැණුම්කරුවෙකු ලෙස තෝරාගැනීමට අදාල මුදල් මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කිරීමේදී නානායක්කාර මහතාගේ නිර්දේශය ඇතුළත් කර නොමැත.

එයට හේතු කිහිපයක් බලපා ඇති බවත්, මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එම ආයතනයට අදාල මුදල් මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් නොවී ප්‍රමාද වෙන්නේ ඇයිදැයි සහකාර අධිපති  බී.ඩී.ඩබ්ලිව්.ඒ. සිල්වාගෙන් දූරකථනයෙන් අමතා විමසීම එලෙස මුදල් මණ්ඩල පත්‍රිකාව ඉක්මන් කිරීමට හේතු වී ඇතැයි වාර්තාවෙහි සදහන්ව ඇත.

(තරිඳු උඩුවරගෙදර - අනිද්දා පුවත්පතින් උපුටා ගන්නා ලදී)

සබැඳි පුවත් :

රාජපක්ෂ පාලනයේ බැඳුම්කර පාඩුව කෝටි 1047යි ! - යහපාලනයේ පාඩුව කෝටි 660 -960 අතර

මහ බැංකු වෝහාරික වාර්තා : අප දැන සිටි 'වැට් බදු වංචාව' ලිලිපුට්ටෙක් !

මහ බැංකු බැඳුම්කර දුෂණ සෙවූ වෝහාරික විගණන වාර්තාවට කබ්රාල් කලබල ඇයි? VIDEO -01

බැඳුම්කර දුෂණ සෙවූ වෝහාරික විගණන වාර්තාවට කළබල කබ්රාල් විතරද? VIDEO -02

කතානායක, නීතිපතිගේ ඉල්ලීම පසෙකලයි : බැඳුම්කර වෝහාරික විගණන වාර්තා සභාගත කිරීමට යයි !

බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට !

කබ්රාල් බයවෙලා ඇයි ? බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව කියවූ නිසාද ?

බැඳුම්කර වෝහාරික වාර්තාව : මන්ත්‍රීවරුන්ට දෙන්නද? එපාද? -කථානායක යළි නීතිපතිගෙන් අහයි

ඊපීඑෆ් පාඩුව බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවෙයි

බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව: 'කතානායකගේ ලැජ්ජා සහගත වැඩක්' -කුසල් පෙරේරා

නීතිපති මන්ත්‍රීවරුන්ට "දෙන්න එපා" කියූ බැඳුම්කර වෝහාරික වාර්තාව ගැන කතානායකගේ ස්ථාවරය මෙන්න !

රාජපක්ෂලා බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවට බයවෙලා ඇයි ?

'බැඳුම්කර ගනුදෙනු වෝහාරික විගණන වාර්තා එලියට දාන්න නීතිමය බාධාවක් නැහැ' -සුනිල් හඳුන්නෙත්ති

බැඳුම්කර ගනුදෙනු වෝහාරික විගණන වාර්තා එලියට දානවද? නැද්ද? : අගමැති, නීතිපතිට බෝලය 'පාස්' කරයි!

සමාගම් 19ක් EPF මුදල් අවභාවිත කරලා : වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවේ!

මහ බැංකු හොරු කව්ද ? :'වෝහාරික විගණන වාර්තාව එළියට දාන්න' - මංගල ගෙන් අගමැතිට අභියෝගයක් !

ජනපතිට හා අගමැතිට කදිම අවස්ථාවක්: ''වෝහාරික වාර්තාවට අනුව බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න" (Audio)

බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න – සුනිල් හඳුන්නෙත්ති අගමැතිගෙන් ඉල්ලයි

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්