පාතාල නායක හරක් කටා රහස් පොලිස් භාරයෙන් පැන යාමට උත්සාහ කිරීමේ සිදුවීමත් සමඟ

ආරම්භ කර ඇති පරීක්ෂණවලට අදාළව සියලුම රහස් පොලිස් නිලධාරීන්ගේ වත්කම් සහ සබඳතා සොයා බැලීමට බුද්ධි අංශ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

දැනටමත් ඇතැම් නිලධාරීන් චෝදනා ලක්ව සිටින බවත් අනෙකුත් නිලධාරීන් සම්බන්ධයෙන්ද සොයා බැලීම් සිදු කරන බවත් හෙතෙම සඳහන් කළේය.


තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

හරක් කටා CIDයෙන් පළායෑමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'හරක් කටා'ට පළායාමට පහසුකම් සැලසීමට උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයාට මෝටර් රථය ලබාදුන් තවත් දෙදෙනෙකු එලෙස මාතර වැලිගමදී අත්අඩංගුවට ගෙන ඇත.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්