theleaderlk 01

කොළඹ පෝර්ට් සිටියට සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘති සඳහා

නව ආයෝජන ලබාගැනීම සඳහා බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් ප්‍රමුඛ ආයෝජන ප්‍රවර්ධන විශේෂඥයන්ගේ සහභාගිත්වයෙන් දෙදින ප්‍රචාරක ව්‍යාපෘතියක් ඩුබායි සහ අබුඩාබිහිදී ලබන 26 සහ 27 දෙදින පැවැත්වෙයි.

 මේ සඳහා විශේෂඥ සහාය ලබාදෙන මහා බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන්ට ඒ සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් 697,00000ක මුදලක් (ඇමෙරිකානු ඩොලර් 2,10000ක්) ගෙවීමට නියමිතය. එහෙත් ඒ සඳහා වන සියලු ගෙවීම් සිදුකරන්නේ කොළඹ පෝර්ට් සිටිය පාලනය කරන චෙක් පෝර්ට් සිටි ප්‍රයිවට් ලිමිටඩ් නම් චීන සමාගම මගින් බවද වාර්තා වෙයි.

(deshaya.lk)

JW