ජර්මනියේ පැවැත්වෙන BERLIN GLOBAL DIALOGUE සැසියේ ශ්‍රී ලංකා ජනාධිපති වික්‍රමසිංහ ගේ දේශනයට පෙර සිදුවූ සුවිශේෂී සිදුවීමක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව

තිබේ.

එහිදී DW ප්‍රවෘත්ති සේවයේ නිවේදිකා Christine Mhundwa කළ ප්‍රකාශයක් සහ ඊට ජනාධිපති වික්‍රමසිංහ දැක්වූ ප්‍රතිචාරය වෙත මෙලෙස අවධානය යොමුව ඇත.

එහිදී Christine Mhundwa පවසන්නේ මෙවැන්නක්,

"මම ඔබ සැමට කියන්න කැමතියි. අද අපිට විශේෂ අමුත්තෙක් පැමිණ සිටිනවා. ඒ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අද මෙහි පැමිණ සිටිනවා. මම කරන්න යන්නේ ඔහු අකමැති දෙයක්. ඔහු තමන්ගේ රට තුළ එලෙස කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ අතිගරු ජනාධිපතිතුමනි කියා ඔහු ඇමතීමයි. අත්පොළොසන් දී පිළිගන්න දැන් ඔහු වේදිකාවට පැමිණෙනවා. අපි සතුටින් පිළිගන්නවා. ජනපතිතුමනි ඔබටයි මේ වේදිකාව."

එයට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති වික්‍රමසිංහ පැවසුවේ මෙවැන්නක්,

"මට අතිගරු ජනාධිපතිතුමා කියා ඇමතුවාට මම ඔබට තව මිනිත්තු කිහිපයකින් දඩයක් පනවන්න හදන්නේ."

 මෙම දේශනයේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ චීනය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සුබවාදී මට්ටමක පවතින බවය. දැනට පවතින ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමවේදයන්ට අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම වඩාත් සංකීර්ණ වී ඇති බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.


BERLIN GLOBAL DIALOGUE යනු සංක්‍රාන්ති ගෝලීය ආර්ථිකයක් සඳහා ඒකාබද්ධ විසඳුම් සෙවීම සඳහා ව්‍යාපාර සහ ප්‍රතිපත්ති සම්පාදකයින් එක්ව කටයුතු කරන නව අන්තර්ජාතික සංසදයකි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති වික්‍රමසිංහ මෙසේ සඳහන් කළේය.

"ශ්‍රී ලංකාවේ මූල්‍ය අවශ්‍යතා සැලකූ විට අපේ කාලගුණ සශ්‍රීකතා සැලැස්ම සාර්ථක කරගැනීම සඳහා අපට 2030 වසර වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 26.5 ක් අවශ්‍ය වනවා. මේ බංකොළොත්භාවයට පත් වූ මෙන්ම ඉදිරි වසර කිහිපය සඳහා 3.5% ක ආර්ථික වර්ධනයක් පවතිනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළ රටක්. මුලින්ම අප සියල්ලන් එකඟ වන කාරණයක් තමයි අද පවතින ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමයේ හරය සැලසුම් කර ඇත්තේ මීට වසර 8 කට පෙර සහ එතැන් සිට ලෝකයේ දැවැන්ත වෙනස්කම් රැසකට ලක්වී ඇති බව. ආසියාවේ, මැද පෙරදිග, දකුණු අමෙරිකාවේ සහ අප්‍රිකාවේ නැගී එන ආර්ථිකයන් රැසක් ගෝලීය ආර්ථික බලවේගයක් බවට පත්ව තිබෙනවා. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමයේ සිදුව ඇත්තේ සාපේක්ෂව සුළු ප්‍රතිසංස්කරණ පමණයි. දැනට පවතින ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමවේදයන්ට අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම වඩාත් සංකීර්ණ වී තිබෙනවා."


 "ශ්‍රී ලංකාවේ අපි අපේ රටේ හැටියට අමෙරිකාව, ඉන්දියාව සහ චීනයෙන් එල්ලවන පීඩනය මැද කටයුතු කරන්න ඉගෙනගෙන සිටින්නේ. එය අපට තවදුරටත් අලුත් දෙයක් නොවේ. බටහිර ලෝකය සහ චීනය අතර ඵලදායී සංවාදයක් අපට අවශ්‍ය වනවා. ඒ වගේම අමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර ඵලදායී සංවාදයක් අවශ්‍යයි. යුරෝපා සංගමය සහ චීනය අතරත් එවැනි ඵලදායී සංවාදයක් අවශ්‍ය වනවා. එසේ නොමැතිව අපට ඉදිරියට යා නොහැකියි. මෙයයි පවතින යථාර්ථය. ගැටලුව වන්නේ අප එක්වී කටයුතු කළ යුතු ආකාරය සහ 2024 දී එහි නායකත්වය ගන්නේ කවුරුන්ද යන්නයි. "

 Ranil 2933.09.29

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්