මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියකු වන ''දිවයින'' පුවත්පතේ සමාරම්භක කතුවර

හා කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ එඩ්මන්ඩ් රණසිංහ සූරීන්ට උපහාර පිදීමේ උළෙලක් ජනාධිපති වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 03 වැනිදා (අඟහරුවාදා) පස්වරු 3.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.

Edman Rමේ වනවිට සිය දිවි ගමනේ 93 වැනි වියේ පසුවන රණසිංහ මහතාගේ දශක හතක මාධ්‍ය මෙහෙවර අගයමින් සම්පාදිත ''එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය'' කෘතිය දොරට වැඩීමද එහිදී සිදුකෙරේ.

මෙම උපහාර උළෙලෙහි ප්‍රධාන දේශනය දැනට ඇමෙරිකාවේ වෙසෙන දිවයින හා රිවිර පුවත්පත්වල හිටපු කතුවර උපාලි තෙන්නකෝන් විසින් සිදුකිරීමට නියමිතය. 2009 තෙන්නකෝන් ට එල්ල වූ මැර ප්‍රහාරයෙන් පසුව ඔහු මෙරට ප්‍රසිද්ධ උත්සවයකට සහභාගි වන පළමු අවස්ථාව ද මෙයයි

1952 වසරේදී ලේක්හවුස් ආයතනයේ’ ඩේලිනිව්ස් ‘ පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස සිය මාධ්‍ය ජීවිතය ඇරඹූ එඩ්මන්ඩ් රණසිංහයන් දිනමිණ නියෝජ්‍ය කතු පදවියද දරමින් ප්‍රවෘත්ති කතුවරයාව සිටියදී 1973දී ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමට එරෙහිව සේවයෙන් ඉල්ලා අස් විය.

1977දී යළිත් ලේක්හවුසියේම ඇරියුමින් ‘දිනමිණ’ කතු පදවියට පත්ව සපැමිණි රණසිංහයන් පසුව සිළුමිණ කතු පදවියටද පත් විය. රණසිංහයන්ගේ සමයේ සිළුමිණ අලෙවිය පිටපත් ලක්ෂ තුනද ඉක්මවා යමින් තැබූ වාර්තාව අදද නොබිඳී පවතී.

1981 වසරේදී ‘දිවයින’ පුවත් පතේ සමාරම්භක කතුවරයා ලෙස පත් වූ රණසිංහයන් කෙටි කලකින්ම මෙරට පුවත්පත් කලාව නව මගකට ගෙන එමින් එය ඉහළම ජනප්‍රියත්වය කරා ගෙන ගියේය.පසුව එහි මුල්ම කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයාද වූ රණසිංහයන් 86 වියැතිව සිටියදී 2016 වසරේදී නැවතත් ‘සිළුමිණ’ කතු පදවියට පත් වූයේය.


සබැඳි ලිපියක් :
රණසිංහ මහත්තයා - ඇටමැස්සා (99)

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්