leader s

පොලිස්පති ධූරයේ වැඩ බැලීම සඳහා සී. ඩී. වික්‍රරමරත්න ට දෙවැනි වරට ලබා දී තිබු මාස 3 ක  කාලය අද (9) දිනෙන් අවසන් වන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.

පසුගිය ජුනි මස 09 දින සිට බැලපැවැත්වෙන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම සේවා දිගුව ලබා දී තිබුණි.

ශ්‍රි ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා වශයෙන් 2020 නොවැම්බර් මස පත් වු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න පසුගිය මාර්තු මස 25 වැනි දින පොලිස්පති ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුට  මාස 3 ක සේවා දිගුවක් ලබා දී තිබුණි.

පළමු සේවා දිගුව අවසන් වීමෙන් පසුව දෙවන සේවා දිගුව ඉකුත් ජුනි මස 09 දින සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක කාලයක් සදහා ලබා දී තිබුණි.

පොලිස්පතිවරයාගේ සේවා ධුරය අවසන් වීම නිසා පොලිස්පති ධුරය සදහා වෙනත් නිලධාරියකු පත්කරන්නේ ද නැතහොත් සී. ඩී. වික්‍රමරත්න ට  නැවත වරක් සේවාදිගුවක් ලබා දෙන්නේ ද යන්න මෙතෙත් තීරණයක් ගෙන නොමැති බවත්, අද පෙරවරුවේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සමග සාකච්ජා කිරීමට නියමිත බවත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil