අභාවප්‍රාප්ත ප්‍රවිණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය අද අළුයම ඔහුගේ පදිංචිව සිටි නිවස වෙත රැගෙන එනු ලැබිය.

ඒ අනුව මේවනවිට එම දේහය තැන්පත් කර තිබෙන්නේ දී 90/A 58 වනිගසූරියවත්ත, රාගම පාර කඩවත යන ලිපිනයේ පිහිටි ඔහු පදිංචිව සිටි නිවසේයි.

හෙට (12) පස්වරුව දක්වා එහිදී අභාවප්‍රාප්ත ප්‍රවිණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතාවට අවස්ථාව පවතින බව  පවුලේ ඥාතීන් පවසති.

ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සවස 3ට රාගම ශුද්ධ වූ ජේදුරු හා පාවුළු දේවස්ථානයේදී සිදු කිරීමට නියමිතව ඇත.

මෙරට කලා ක්ෂේත්‍රයට බිහි වූ අග්‍රගන්‍ය කලාකරුවෙකු වන ජැක්සන් ඇන්තනී මහතා රිය අනතුරකට ලක්ව මාස 14කට අධික කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය.

අභාවප්‍රාප්ත වනවිට ජැක්සන් ඇන්තනී මහතාගේ වයස අවුරුදු 66 කි.


Jaka



ජැක්සන් ඇන්තනී පිළිබඳ මතකාවර්ජනයක්...

 

ජැක්සන් ඇන්තනී මහතාගේ ප්‍රතිභාන්විත රංගන ශිල්පියෙකු ටෙලි නාට්‍ය, සිනමාපට අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදකවරයෙකු, ගායන ශිල්පියෙකු, ගීත රචකයෙකු, ලේඛකයෙකු, ගවේෂකයෙකු, සංචාරකයෙකු මෙන්ම විචාරකයෙකු ද වේ.  

භාෂාව, සාහිත්‍ය, ඉතිහාසය, කලාව ආදී විෂයන් පිළිබඳ ගැඹුරු පරිචයකින් යුත් මේ අපූර්ව කලාකරුවාගේ උපත සිදුවෙන්නේ 1958 වසරේ ජූලි 8 වැනිදා රාගම පොඩිවී කුඹුර ගම්මානයේදී ය.

බණ්ඩාරවෙල ශාන්ත මරියා සහ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය යන පාසල්වලින් සිප්සතර හැදැරූ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ගෞරව උපාධිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගත්තේ ය.

නෙවිල් ඩයස් සුබසිංහගේ වාරුවෙන් යන මිනිස්සු සහ මානවයෝ නාට්‍ය හරහා ප්‍රසිද්ධ වේදිකාවට පා තැබූ ඔහු පසුකාලීනව වේදිකාවේ අසම සම රංග පෞරුෂයක් බවට පත්විය.

බෙර හඬ, ලෝමහංස, තාරාවෝ ඉගිලෙති, මධුර ජවනිකා, ධවල භීෂණ ඇතුළු නාට්‍ය රැසක් ඔහු සිය රංග ප්‍රතිභාවෙන් වර්ණවත් කළේ ය.

වේදිකාවෙන් පුංචි තිරයට පා තැබූ ජැක්සන්, ටෙලිනාට්‍ය කලාව තුළ කළ හරඹ ලාංකේය ටෙලි ඉතිහාසයේ ලියැවී ඇත්තේ රන් අකුරින්.

ඇල්ල ළඟ වළව්ව, කඩුල්ල, අකාල සන්ධ්‍යා, පිටගම්කාරයෝ ආදී ටෙලිනාට්‍යවල ජැක්සන්ගේ භූමිකා අදටත් ජනප්‍රසාදිතයි.

රිදී තිරයේ නූතන රංග පෞරුෂය වූ ජැක්සන් ඇන්තනී සිනමාගමනය සිදුවන්නේ 1993 වසරේදීයී.

විසි දැල, ලොකු දුව, ගිනි අවි සහ ගිනි කෙළි, අස්වැසුම, අග්නිදාහය, ගරිල්ලා මාකටින් ඇතුලු සිනමා පට රැසකට රංගන දායකත්වය දුන් ඔහු හොඳම නළුවාට හිමි සම්මානයෙන් 16 වරක් පිදුම් ලබා තිබේ.

රිදී තිරයට ඉතිහාස කතා හඳුන්වාදීමේ පුරෝගාමියෙකු වෙමින් අබා සිනමා පටය හෙළ සිනමාවට දායාද කළ ඔහු, සමාජශෝධක භූමිකාව නිරූපණය කළ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි.

ජුලියට්ගේ භූමිකාව, පරාදීසය, අබා, ඇඩ්‍රස් නෑ යන සිනමාපට ජැක්සන් ඇන්තනී නම් සිනමාකරුවා හෙළ සිනමාවට දායාද කළ වත්කම්.

පූරක වෘත්තියට නැවුම් හැඩ තල එක්කළ ඔහු, රූප පෙට්ටියට නව්‍යකරණයක් රැසක් හඳුන්වා දුන් විශිෂ්ටයෙකි.

රංගන ශිල්පිනියක සහ ගායන ශිල්පිනියක වන කුමාරි මුණසිංහ සමඟ සරණේ බැඳුණු ඔහු සජිත අනුත්තර, අකිල ධනුද්ධර සහ මාධවී වත්සලාගේ ආදරණීය පියාණන් වේ.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්