පොහොට්ටු පක්ෂයේ නායක, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මියගිය දවසක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කරපු වැඩවලට ඇරියස් පිට රිටන් එක

ලැබෙනු ඇතැයි සජබ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් අවධාරණය කර සිටියි.

''මහින්ද මහත්තයා මියගිය දවසක පරිස්සම් වෙලා ඉන්න ..මොකද තාත්තා ජනාධිපති වෙලා ඉන්න කාලේ කරපු වැඩවල ඇරියස් ලැබෙන්න පුලුවන් ..'' යයි ඔහු කියා සිටියේ සජබ මාධ්‍ය හමුවක් අමතමිනි. 

'' පොදුජන පෙරමුණේ මොන මන්ත්‍රීටද ගමකට ගිහින් රැස්විමක් කරන්න පුලුවන්.. මොන මන්ත්‍රීටද ගංවතුර තියන තැනකට ගිහින් ආධාර බෙදන්න පුලුවන්... 

මිට වසර 3 කලින් මෙගොල්ලෝ කොහොමද හිටියේ. අද කොමද ඉන්නේ. හැංගිලා ..

අපි පැරදිලා අපේ පක්ෂ කඩා වැටුනත් අපට සැලකිය යුතු කොටසක් ලැබුනා.. ඒ වගේ එයාලටක් යම් ගණනක් කියනවා ..මම නෑ නියන්නේ නෑ.. ප්‍රායෝගික දේශපාලනයේ පොළොවෙ පයගහලා වැඩකරන මිනිස්සු හැටියට අපට එක පිලිගන්න වෙනවා..එ ඔස්සේ සමගිජන බලවේගයේ අණ්ඩුවක් පිහිටුවන්න දරන සංවිධානගත විම අමුතුවේන් පැහැදිලි කරනන ඕන නෑ..  

නාමල් රැස්විම්වලට යන්නේ හිතවත් කියලා තහවුරු කරගක්ත බත් බැලයෝ ඉන්නතැන් වලට විකරයි .. මොකද මිනිස්සුන්ට බයයි.. මහින්ද මහත්තයා මියගියදවසක පරිස්සම් වෙලා ඉන්න ..මොකද තාත්තා ජනාධිපති වෙලා ඉන්න කාලේ කරපු වැඩවල ඇරියස් ලැබෙන්න පුලුවන් ..''

 

මම පුද්ගලිකව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තින්දුව ගැන සැහිමට  පත්වෙලා ඉන්නේ.. මොකද පක්ෂ මනාපයෙන් තමා අප පත්වෙලා ඇවිල්ල තියේන්නේ .. පක්ෂයකින් තොරව ස්වාධිනව එන විට පරදින සම්භාවිතාව වැඩි...මොකද ජනතාව මනාප දෙන්නේ පක්ෂයට ..කොමිස් නිසා, වාහන නිසා, වෙනත් වාසි නිසා පක්ෂ මාරු කරනවනම් එම පිරිසට හොඳවැඩේ...''

 

''ජනතා අරගලයකට නායකත්වය දෙන්න අපි සුදානම්'' 

'' අලුත් වෙළද පොළවල ආර්තිකයට ඇතුල්වන්නේ නැතුව,  බිල් වැඩිකරලා, බදු මිල වැඩිකරලා මිනිස්සුන්ගේ රිරි මංශය උරා බොන තැනකට ඇවිත් තියන්නේ.  කල්පනා කරලා බලන්න,  ලයිටි බිල - වතුර බිල ගෙවුවට පස්සේ ළමයව ටියුෂන් යවන්න සල්ලි තියෙනවද ? .ඉස්කොලේ යවන්නේන් මාරුවෙන් මාරුවට ... බිරිදගෙන් අහන්න ඔයාලට කන්න දිලා එයාලා කී දවසක් බඩගින්නේ හිටියද කියලා..

මම ඇස් දෙකටම දැක්කා මම මගේ ළමයා අරන් බෙහෙත් ගන්න ගියාම ලමයෙක් දෙමාපියන් එක්ක ටෙස්ටි එකක ගණ අහලා එතනින් යන්න ගියා.. අපේ රට වලපල්ලට යවලා තියන්නේ.. .

උද්දචිච ඒකාධිපතිකමින් මාධ්‍යවේදින්, ව්‍යාපාරිකයින් දඩයමි කරන්න පනත් කෙටුමිපත් ගෙන්නේ බය ඉන්න නිසා.. බුද්ධිමතුන්ට ඇහුන්කම් දෙන්නේ නෑ.. විශාල වශයෙන් බුද්ධිගලනයක් සිද්ධ වෙනවා. වෛද්‍යවරුන්ට ලබා දෙන්නේ සොචිචමි පඩියක්.. දරුවන්ට පාසලක් ..ඉන්දන සහන මුකුත්ම නෑ.. ඉතින් රට අත්හැර යන එක සාධාරණයි.. ආත්මාර්තය නිසා රට අත් හැර යනවලු... 

බදු මුදල් හොරාකාලා රට බංකොලෝත් කරපු එක හොදද එතකොට..දැන් පිටරටින්වෛද්‍යවරු ගෙන්න හදනවා.. එක හරියට ගොවින් වගා කරන්නේ නැතිවුනාම පිටරටින් හාල් ගෙන්නනවා වගේ.. අපි පැහැදිලිව කියන්න කැමති මුදල් වෙළදපොලට , තොරතුරු තාක්ෂණයට අප විවෘත වෙලා නෑ.. එනම් ඉපයිමි මාර්ග අප සතුව නැ.. ඒ නිසා IMF එක ඉස්සරහා වැදගෙන ඉන්නේ.. එයාලා බලන්නේ ණය ගෙවිමේ හැකියාව නැත්නමි උපයන විදිහ නෙමෙයි.. 

දකුණු ආසියවේ 3 වැනියට විදුලි බිල වැඩි අපේ රටේ.. එ නිසා බයේ සමාජ මාධ්‍ය  තහනමක් ගෙන්න හදනවා ..

ජනතාවගේ ඉවසිම පනින මටිටමටම ඇවිත් තියන්නේ. එ වැනි නැගිමකට නායකත්වය දෙන්න අපි සුදනම් ..


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්