ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ

පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇත.

මෙම බරපතල විෂමාචාරය සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඔක්තෝම්බර් 03දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරනු ලැබූ ලිඛිත ඉල්ලීම මත මෙම විමර්ශනය ආරම්භකර ඇත.

ඒ අනුව, එම ලිඛිත ඉල්ලීම සිදුකරනු ලැබූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී, විශේෂඥ වෛද්‍ය විජිත් ගුණවර්ධන ගෙන් හෙට (16) දිනයේදී ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

jljdfle

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකළ ලිපිය 

 

මේ අතර ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැරීමට කටයුතු කළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය පසුගිය 13 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණ. 

ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි මිලදී ගැනීම් අංශයේ බලධාරීන්ගෙන් මෙන්ම, මෙම මිලදී ගැනීමට අදාල තාක්ෂණික ඇඟයීම් කමිටු සාමාජිකයින් ගෙන්ද ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සුදානමින් සිටින බව වාර්තාවේ.

ගෙන්වන්න අවසර දීලා නැහැ හැබැයි බෙහෙත රෝහල්වල ! 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනාත්මක වාර්තාවක් මෙම සති අන්තයේ (ඔක්.15) 'අනිද්දා' පුවත්පතේ පලවී තිබේ. ගවේෂණාත්මක මාධ්‍යවේදී කේ සංජීව විසින් සම්පාදනය කර ඇති එම පුවත් වාර්තාවේ මෙසේ ද සඳහන් වේ.

'' 2023 ඔක්තෝම්බර් මස 03 වෙනිදා හරි අපූරු මාධ්‍ය නිවේදනයක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය මාධ්‍ය වෙත නිකුත් කළේය. එම නිවේදනය හරිම නම්බුකාර විදිහට ආරම්භ කරන්නේ මෙසේය .

" ශ්‍රී ලංකාවට ගෙන්වනු ලබන සියලුම ඖෂධ, ඖෂධ උපකරණ, සීමාස්ථ නිෂ්පාදන සහ විලවුන් වර්ග ලියා පදිංචි කටයුතු සහ නියාමනය කෙරෙන එකම ආයතනය ජාතික ඖෂධ නියාමන අධිකාරියයි" මෙහෙම ලියපු ගමන් ෆුහ් නියමෙට වැඩ කෙරෙනවා ඇති නේද කියා අපට අපගේ ආයතන ගැන මෙන්ම රටේ පවතින නීතිය ගැනත් ආඩම්බරයක් ඇති වෙයි. ඖෂධ මාෆියාව ගැන දුක සිතේ. අහෝ එහෙත් නිවේදනය පහලට කියවාගෙන යන යන විට සිතෙන්නේ බඩ අල්ලගෙන සිනාසෙන්නට ය.

 

මෙම මාධ්‍ය නිවේදනය ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන්නේ ඇයි? ඔවුන් මේ හරහා රටට හෙළි කරන්නේ ලංකාව තුළ ඖෂධ නියාමනය යකාට ම ගොස් ඇති බව ය. මෙම කතාව ඖෂධ නියාමනය පිළිබඳ බරපතළ කතාවක්ය. 

 

අසාත්මිකතාවයන් වලට ලක් වූ රෝගීන් පිළිබඳ පැමිණිලි !

2023.09.16 සහ 20 යන දින දෙක තුළ මාතලේ දිස්ත්‍රික් රෝහලෙන් සහ 2023.08. 22 කොළඹ ජාතික රෝහලෙන් අසාත්මිකතාවයන් වලට ලක් වූ රෝගීන් පිළිබඳව වාර්තා වෙන අතර ඔවුන් අසාත්මිකතාවට ගොදුරු වූයේ කුමන ඖෂධය භාවිත කිරීම නිසා දැයි සොයා බලන විට ඖෂධ මාෆියාවේ තවත් බරපතළ අන්තයක් හෙළිදරව් වී ඇත. මෙන්න මේ හෙලිදරව්ව රටට කීම සඳහා මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත.

 

මෙම අසාත්මිකතාවන් ට හේතු වූ බෙහෙත පිළිබඳ සොයා බැලීමේදී එය 'හියුමන් ඉමියුනෝ ග්ලොබිලින් (අයි.වී.අයි.ජී)'  නම් ඖෂධය බවත්, එය රටට ගෙන්වා ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියෙන් තොරව ව්‍යාජ ලිපි ලේඛන භාවිත කර බවත් එම මාධ්‍ය නිවේදනය හරහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය රටට කියයි. 

 

Isolez Bio Tech Pharma නමින් සීදුව සහ කොළඹ 05 යන ප්‍රදේශවල ස්ථාපනය කර තිබුනායැයි කියන සමාගමක් මෙම ඖෂධය ලංකාවට ගෙන්වා ඇත. එහෙත් දැන් එම ලිපිනයන් වල අදාල සමාගම නැත. අදාල සමාගමේ වෙබ් අඩවියට ද ප්‍රවේශ වන්නට නොහැකිය. බොහෝ විට එම වෙබ් අඩවිය මකා දමා ඇතැයි සිතිය හැකිය.

මෙම සමාගම පිළිබඳව සඳහන් කරමින් මෙම නිවේදනය හරහා ඖෂධ නියාමන අධිකාරිය දැන් කියන්නේ අදාල ආයතනය විසින් කූඨ ලේඛන මාර්ගයෙන් මෙම ඖෂධය ගෙන්වා ඇති බව ය. ඖෂධ නියාමන අධිකාරිය මෙසේ  කීවත් මේ සම්බන්ධයෙන් සංසරණය වෙන තවත් ලිපි කීපයක් නිසා මෙය ආණ්ඩුවට සම්බන්ධ ඖෂධ මාෆියාකරුවන් ගේ හත්පොලේ ගා ගැනීමක් බව සිතිය හැකි තොරතුරු එමටය.

මෙම ඖෂධය කුමක්ද ?

අපි මුලින්ම මෙම ඖෂධය කුමක්ද යන්න සොයා බලමු. 'විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රකාශ කරන ආකාරයට මෙම හියුමන් ඉමියුනෝ ග්ලොබිලින් (අයි.වී.අයි.ජී)' බෙහෙත මිනිස් රුධිරය මාර්ගයෙන් නිස්සාරණය කරන විශේෂ බෙහෙත් වර්ගයක් ය.

මෙම බෙහෙත වැඩිපුරම දෙන්නේ හදිස්සි භයානක සහ දරුණු ස්නායු ආබාධ සහිත පුද්ගලයන්ට, මේක හරියට දෙන්න බැරි වුනොත් ඒක විශාල ප්‍රශ්නයක්. භයානක අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන් මෙම ඖෂධය නැති අවස්ථාවක ඒ දරුණු රෝගයෙන් රෝගියා මැරෙන්න උනත් පුළුවන්. මේ බෙහෙත හැදුවේ කොහොමද කියලා මුළු ක්‍රියාවලියම බලලා තමයි අපි මේ ඖෂධය භාවිතා කරන්නේ.

Pyara Ratnayake

ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියාරා රත්නායක

 

මෙම බෙහෙත කොතරම් වැදගත්ද යන්න සහ එය භාවිත කරන විට කොතරම් ප්‍රවේශම් සහගත ද යන්න මෙසේ ප්‍රකාශ කරන්නී, ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියාරා රත්නායකය. ඇය ස්නායු විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති ලෙසද  කටයුතු කරයි. මෙම වෛද්‍යවරියන් ට දැන් මේ බෙහෙත් වල ගුණ අගුණ, ඒවා භාවිත කරන්නේ කෙසේද යන්න ගැන පවා මාධ්‍ය හමු තබමින් ප්‍රකාශ නිකුත් කරන්නට සිදුව ඇත. මෙයින් පෙනෙන්නේ රටේ සෞඛ්‍ය සේවයට කෙළවා දමා ඇති තරමය. 

 

ලියාපදිංචිය අතහැරීම 

ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශ කරන ආකාරයට යම් ඖෂධයක් පිළිබඳ ප්‍රශ්නගත තත්ත්වයක් උදා වූ විට ඔවුන් මුලින්ම කරන්නේ එම ඖෂධය ගෙන්වීම සිදු කළ ආයතනය ඊට භාවිත කළ ලියාපදිංචිය හෝ ලියාපදිංචිය අතහැරීමේ සහතිකය (WOR - waiver of registration ) වැනි දෑ පරීක්ෂා කිරීමය.

මෙහිදී ලියාපදිංචිය අතහැරීමේ සහතිකය යන්නෙන් අදහස් කරන්නේ ඖෂධ නියාමන අධිකාරී පනතෙන් හදිසි අවශ්‍යතා සඳහා ඖෂධ ගෙන්වීමේදී ලියාපදිංචි නොකර නමුත් සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ අමාත්‍යංශයේ ලිඛිත ඉල්ලීම මත ඖෂධ ගෙන්වීමට දෙන අවසර පත්‍රයක් ය.

 

මේ කිසිදු දෙයක් සනාථ කිරීම සඳහා ප්‍රශ්නගත ඖෂධයට කිසිදු ලියවිල්ලක් නැති බව ප්‍රකාශ කරන ඖෂධ නියාමන අධිකාරිය මෙම අදාල ප්‍රශ්නගත ඖෂධය ගෙන්වීම සඳහා භාවිතා කර තිබෙනවා යැයි කියන ලියාපදිංචිය අත හැරීමේ අවසර පත්‍රය ව්‍යාජ එකක් බව ද එය කූඨ ලේඛනයක් බව ද ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශ කරයි. තත්ත්වය එසේ නම් ඖෂධ නියාමන අධිකාරිය කියන කතාව මෙසේ සරල කළ හැකිය ' කූඨ ලේඛන භාවිතා කර රජයේ රෝහල්වලට ඖෂධ එනවා ඒවාට අපිට කරන්න දෙයක් නෑ' 

 

ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මාධ්‍ය හමු තබමින් එකිනෙකට පරස්පර ප්‍රකාශ නිකුත් කරමින් මෙම ක්‍රියාවලින් විහිලුවට ගෙන කටයුතු කරන බවක් ද පෙනෙයි. අපිට ඔවුන්ගෙන් අසන්නට වෙන්නේ රෝගියෙකුගේ ජීවිතයක වටිනාකම පිළිබඳව ඔබලාට සිතෙන්නේ කුමක්ද යන්නයි.

''අපි නිෂ්පාදනය කල ඖෂධයක් නෙමෙයි'' - ඉන්දියානු සමාගම කියයි 

මෙම ඖෂධය නිෂ්පාදනය කළා යැයි කියනු ලබන Livealth BioPharma Pvt'Ltd යන ඉන්දියානු ඖෂධ නිෂ්පාදන සමාගමෙන් මේ පිළිබඳව විමසූ විට ප්‍රකාශ කර ඇත්තේ තමන් මෙම ඖෂධය නිෂ්පාදනය නොකරන බවයි.

දැන් මිනිසුන්ගේ සිරුරු වලට එන්නත් කර ඇති මෙම ප්‍රශ්නගත ඖෂධය නිශ්පාදනය කලේ කව්ද මෙම ඖෂධය නිසි ප්‍රමිතියට නිෂ්පාදනය නොකරයි නම් එච් අයි වී වැනි මාරාන්තික රුධිරගත වෛරස ආසාදනයක් ද මෙම එන්නත් කිරීම හරහා සිදු විය හැකි යැයි කියන පසුබිමක තත්ත්වය තවත් බරපතළ ය.

 

කූඨ ලේඛන කතාව ඇත්තද? 


කූඨ ලේඛන හදා ඉඩම් විකිණීමේ සිට අලි ඇතුන් විකිණීම දක්වා පරාසයක නීති විරෝධී ගනුදෙනු සිදුවන රටක දැන් ඖෂධ ජාවාරමුන් ද කූට ලේඛන හරහා ඖෂධ ජාවාරමට බැස ඇත. මෙම නව තත්වය යටතේ මිනිස් ජීවිතයට කුමක් සිදුවිය හැකිද?

මෙම ප්‍රශ්නගත ඖෂධය ඉන්දියානු ණය ආධාර යටතේ ගෙන්වීම සඳහා 251 ඒ, බේස්ලයින් පාර සීදූව යන ලිපිනයේ ISOLEZ BIOTECH PHARMA AG LTD යන ආයතනයට 2023.01.04 දින සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලිපියක් යොමු කර ඇත. එහි සඳහන් වන්නේ මෙම ඖෂධය ගෙන්වීම සඳහා අදාල ටෙන්ඩරයට මෙම ආයතනය තෝරාගත් බවත් ඒ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිල කටයුතු කරන ලෙසත්ය.

මෙම ලිපියේ ඉහළ සඳහන්ව ඇත්තේ වහාම ඇණවුම් කරන්න යන්නයි.

23.01.11 යන දිනය යොදමින් ශ්‍රී ලංකා වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් මෙම ලිපියට සිය අත්සන යොදා ඇති අතර Urgent important යන මුද්‍රා දෙකද මෙම ලිපියට තබා ඇත.  2023.01.11 දිනය සමග ඉහත නම සඳහන් සැපයුම් අංශයේ ම නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයකුගේ මුද්‍රාව ද එහි තබා ඇත.

PHOTO 2023 10 16 10 32 05PHOTO 2023 10 16 10 32 04
දැන් අපගේ ප්‍රශ්නය වන්නේ මෙම ලිපිය කුමක්ද යන්නයි. මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා වන වෛද්‍ය විජිත් ගුණරසේකර 2023.02.07 දින WOR waiver of registration යටතේ මෙම ප්‍රශ්නගත ඖෂධය ගෙන්වීම සඳහා යොමු කළ තවත් ලිපියක් හමුවෙයි. මේ ලිපි සියල්ල කූඨ ලේඛන යන්ද? එහෙමත් නැතිනම් කට්ටිය එකතු වී ගහපු ගේමක් මෙසේ මාධ්‍ය ඉදිරියට පැමිණ ඇත්ද ?

මේ පිළිබඳව මාධ්‍ය හමු තබමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශ කරන්නේ කූඨ ලේඛන හදමින් ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් තම ආයතනය කුමක් කරන්න ද යන්නයි. මාතර මහරෝහලේ එක් පිළිකා ඖෂධයක් මෙම  ප්‍රශ්නගත ආයතනයම ගෙන්වා ඇති බව හෙළිදරව් වී ඇතැයි මේ නියාමනයේ ම ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රකාශ කරයි. මේවා මොන විහිළුද යන්න ඇසිය යුතුය. අනෙක් පැත්තෙන් මෙම ප්‍රශ්නගත ඖෂධ සමාගම පසුගිය 2021 වර්ෂයේ දී ද රජයට ඖෂධ සපයා ඇත.

ඖෂධ නියාමන අධිකාරිය කූඨ ලේඛන කතාවක් කීවත් 2023. 01. 13 දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය හදිස්සි වහාම ගේන්න යන්න කියමින්  මෙම ඖෂධය ගෙන්වීමට අවසර ලබා දී ඇත. ඒ ඖෂධ නියාමන අධිකාරියේ කිසිදු  මැදිහත් වීමකින් තොරවය. එහෙත් වහාම ගෙන්වන්න කියූ ඖෂධය ලංකාවට ගෙන්වා ඇත්තේ 2023 05 20 ය. මේ අනුව හදිසියේ තරම ඔබට පෙනිය යුතුය. කන්න ඕනෑ වූ විට විට කබරගොයා තලගොයා කර ගෙන හෝ කෑ යුතුය. කෑ බව අනාවරණය වූ විට කූඨ ලේඛන කතා කියා හෝ ගැලවිය යුතුය.

 

කවුරු කුමක් කෙසේ කීවත් අදාළ ලිපියේ නැති සමාගමක් human immunoglobulin T!IO ඒකක 22,500ක් ලංකාවට ගෙනවිත් රෝහල් සඳහා බෙදාහැර අවසන්ය. එම ඖෂධ තොගය ලංකාවේ මිනිසුන් මාස 5ක කාලයක් භාවිතා කර ඇත. මේවා බරපතළ තත්ත්වයන් ය. අනෙක් පැත්තෙන් මෙම ගනුදෙනුවේ වටිනාකම ඇමරිකානු ඩොලර් 2,925,000ක් ය. එය රුපියලට හැරවූ විට එහි වටිනාකම රුපියල් 924,873,750.00ක් ය. 

 

මේ වන විට ඉතිරි බෙහෙත් තොගය රෝහල් වලින් ඉවත් කරන්නට කටයුතු කළ බව කියැවෙයි. තත්ත්වය එසේ නම් රජයට මේ හරහා සිදුවන පාඩුව කොපමණ මුදලක් ද? එය අය කර ගන්නේ කෙසේද? දැන් කළ යුතුව ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සමාගම කාගේ සමාගමක් ද ? මේ ගනුදෙනුව යට ඉන්නේ කවුද ? යන්න වහාම සොයාගෙන නීති මගින් කටයුතු කිරීමය. එහෙත් බඩුත් නඩුත් දෙකම එකාගේ වන විට කුමක් විය හැකිද?

මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මාධ්‍යයට කියන්නේ කුමක්ද? ඔහු කියන්නේ මේ කියන සමාගමට ගෙවන්නට ඇති මුදල් ප්‍රමාණය වන රුපියල් මිලියන 130 ක මුදලින් තවමත් ගෙවා ඇත්තේ රුපියල් මිලියන 40ක් පමණක් බවය. ඉතිරිය ගෙවීම නතර කර ඇති බවත්, ඔහු ප්‍රකාශ කරයි. මෙයින් පෙනෙන්නේ මෙම දේශපාලකයින් මෙන්ම රාජ්‍ය  නිලධාරීන් ද මේවා ගන්නා සරල සැහැල්ලු ආකාරයයි.

(උපුටා ගැනීම් - anidda.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්