රාගම පොල්පිතිමූකලානේ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසට ඉකුත් පස්වැනි දා වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට අද අලුයම්

කාලයේ ගිය අවස්ථාවේ පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී සැකකරු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

සැකකාර රාමායියා ජෙයරාජ් නැමැත්තා සපුගස්කන්ද ගෝනවිල ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටින බවට පොලිසිය ලද තොරතුරකට අනුව පොලිසිය එම නිවස වටලා ඇත.

ඒ අවස්ථාවේ සැකකරු පොලිසිය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවත්, එහිදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පසු තුවාල ලබා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සැකකරු මියගොස් ඇති බවත් පොලිසිය කියයි. 

වෙඩි ප්‍රහාරයෙන් මියගිය සැකකාර පුද්ගලයාගේ සිරුර කිරිබත්ගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

පොලිසිය සමඟ පොර බැදු සැකකරුවෙකුත් මරුට

මේ අතර අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ යතුරුපැදියකින් පැමිණ සිදුකළ ඝාතනයකට සම්බන්ධව පොලීසිය සොයමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ඊයේ (15) උදැසන විමර්ෂණ කටයුත්තක් සඳහා අවිස්සාවෙල්ල, මානියන්ගම ප්‍රදේශයට රැගෙන යමින් සිටියදී ඔහුගේ මාංචු මඟින් පොලිස් නිලධාරියෙකුගේ ගෙල සිරකිරිමට උත්සහ කිරිමේදි ඇතිවු තෙරපීම නිසා තුවාල ලැබු සැකකරු අවිස්සාවෙල්ල රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මියගිය බව පොලිස් මූලස්ථානය පවසයි.

මේ ඒ පිළිබඳ වැඩිදුරත් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මෙසේ සඳහන් කළේය.

රාත්‍රි කාලයේ සැකකරුවන් ප්‍රශ්න කිරිම් සඳහා රැගෙන යාම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කර සිටියේ ඕනෑම වේලාවක සැකකරුවන් රැගෙන යාමේ බලය පොලිසියට ඇති බවයි. 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්