ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

තීරණය කර තිබේ.

ඔහුට එරෙහිව ඕස්ට්‍රේලියාවේ දී එල්ලවූ අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට පත්කරන ලද ස්වාධීන විමර්ෂණ කමිටුව විසින් ලබාදුන් නිර්දේශ අනුව එසේ සිදුකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

කෙසේවුවද ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසන්නේ, ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රිඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීම සඳහා නියමිත ක්‍රියාපටිපාටියක් පවතින බවයි.

එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම තමනම ඉවත් කර ඇත්තේ අදාළ ක්‍රියාපටිපාටියට අනුව නොවන බව අමාත්‍යවරයා කියා සිටියි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මාධ්‍ය හමුවේ මෙසේ පැවසිය.

 

ධනුෂ්කට එරෙහි ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කරයි

2022 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති ලෝක කුසලාන තරගාවලිය අතරවාරයේ දී තරුණියකට ලිංගික අතවර සිදු කළ බවට ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා එල්ල වූ අතර එහිදී ඔහුට එරෙහිව නඩු පැවරුණි.

ඒ අනුව, ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ සිට ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තරග තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගන්නා ලදී.

අදාළ නඩු විභාගයෙන් ධනුෂ්ක ගුණතිලක නිදොස්කොට නිදහස් කිරීමට සිඩ්නිහි ඩවුනින් සෙන්ටර් දිසා අධිකරණය පසුගිය සැප්තැම්බර් මාසයේ දී පියවර ගත් අතර, මාස 11ක කාලයක් ඕස්ට්‍රේලියාවේ ගත කළ ධනුෂ්ක ගුණතිලක පසුගිය ඔක්තෝම්බර් මස හතර වෙනිදා නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ ය.

 

ධනුෂ්කගේ චෝදනා ගැන විමර්ෂණය කළ කමිටුව කවුද?

ධනුෂ්ක ගුණතිලකට එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබ තිබුණි.

එහි සභාපතිවරයා ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක, නීතිඥවරුන් වන නිරෝෂන් පෙරේරා සහ අසේල රැකව කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

ඕස්ට්‍රේලියාවේ ස්ත්‍රී දූෂණ චෝදනාවට අදාළ නඩුවෙන් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක නිදොස්කොට නිදහස්වීමෙන් අනතුරුව ඔහුගේ ඉදිරි ක්‍රීඩා ගමන සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණි.

ඔහුගේ මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනා අදහස් පළකර ඇති අයුරු දක්නට ලැබුණි.

එහිදී ධනුෂ්ක ගුණතිලකට නැවත ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමට අවස්ථාවක් ලබාදිය යුතු බවට ඇතැම් පාර්ශව පවසන අතර තවත් පිරිසක් පවසන්නේ ඔහුට නැවතත් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව ලබා නොදිය යුතු බවයි.

අධිකරණයෙන් පිටතදී අදහස් දක්වමින් ධනුෂ්ක ගුණතිලක කියා සිටියේ "මගේ ජීවිතය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වීම ගැන මම සතුටු වෙනවා, ආපසු ගිහිල්ලා ක්‍රිකට් ගහනකම් මට ඉවසිල්ලක් නැහැ," යනුවෙනි.

ධනුෂ්ක ගුණතිලක 2015 වසරේදී ආරම්භක පිතිකරුවෙකු ලෙස ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නියෝජනය කිරීමට වරම් හිමිකර ගත්තේය.

ඔහු මේ දක්වා එක්දින තරග 47 කට තරග කර ශතක දෙකක් සහ අර්ධ ශතක 11ක් සමගින් ලකුණු 1,601ක් රැස් කර ඇත.

එමෙන්ම විස්සයි 20 තරග 46 කදී අර්ධ ශතක තුනක් සමගින් ලකුණු 741ක් ද, ටෙස්ට් තරග 08 කදී අර්ධ ශතක දෙකක් සමග ලකුණු 299ක් ද රැස් කර තිබේ.

 

නඩු තීන්දුවේ ඇති සුවිශේෂීභාවය කුමක් ද ?

නඩු තීන්දුව සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු තම X ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ සුවිශේෂී විනිශ්චයක් සහිතව ධනුෂ්ක ගුණතිලක නිදහස් කරනු ලැබූ බවයි.

"සත්‍ය ජය ගනියි.. සත්‍යය ජයගනී! ධනුෂ්ක ගුණතිලක සුවිශේෂී විනිශ්චයක් සහිතව නිදහස් කෙරේ." යනුවෙන් එහි සඳහන් ව තිබිණි.

 kljsdjfk

 

 මේ අතර ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ ධනුෂ්ක ගුණතිලක නැවත ක්‍රිකට් ක්‍රීඩාවට නොපැමිණ විශ්‍රාම ගත යුතු බවයි.

ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විමර්ශනයක් කළ යුතු බව තවත් සමාජ මාධ්‍ය සටහනක දැක්වුණි.

 

සහෝදර ක්‍රීඩකයින්ගේ ප්‍රතිචාරය

ධනුෂ්ක ගුණතිලකගේ නඩු තීන්දුවෙන් පසූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ අදහස් දක්වා තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක සිය X සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ අදහස් දක්වමින් පැවසුවේ ධනුෂ්ක ගුණතිලක ගේ තීන්දුව සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවය.

gdsdrgr

 

ධනුෂ්කට නැවතත් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබෙයි ද?

ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට ගැනීම සහ ඔහුට එරෙහිව ස්ත්‍රී දුෂණ චෝදනා එල්ල වීමත් සමඟ ධනුෂ්ක ගුණතිලකට වාහම ක්‍රියාත්මක වන පරිදි සියලු ආකාරයේ ක්‍රිකට් තරග තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරනු ලැබුවේ ඉකුත් වසරේ නොවැම්බර් මස 7 වැනිදායි.

ඔහුගේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ගනු ලබන තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ගෙන් බීබීසී සිංහල විමසා සිටියේය.

එහිදී සභාපතිවරයා පැවසුවේ ඔහු වැරදිකරුවෙකු නොවන නිසා නැවත ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට අවස්ථාව පවතින බවය.

"අපි බලලා ඒවා කරන්න ඕන. තාම නඩු තීන්දුව අපි දැක්කේ නැහැ. හොඳ තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා."

"එයා වැරදි නැත්නම් නැවත ක්‍රීඩාවේ යෙදෙන්න පුළුවන් නේ." සභාපතිවරයා පැවසුවේය.

 

cfghtuyඔහුගේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ගනු ලබන තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පැවසුවේ ඔහු වැරදිකරුවෙකු නොවන නිසා නැවත ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට අවස්ථාව පවතින බවය.

 

මේ අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ද ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා තිබුනේ, ඔහු සම්බන්ධයෙන් ඉදිරියේදී පාර්ශව කිහිපයක් සමග සාකච්ජා කොට තීරණයක් ගන්නා බවයි.

"ධනුෂ්ක ගුණතිලක කියන්නේ අපේ රටේ පුරවැසියෙක්, ජාතික ක්‍රීඩකයෙක්. ඉතින් මම සතුටු වෙනවා නිදොස් කොට නිදහස් කිරීම ගැන."

"අපි තහනමක් පනවලා තිබෙනවා ක්‍රීඩා කිරීමට. ඔහුට පළවෙනි සමාවක් දීලා තිබ්බා මීට පෙර එංගලන්ත සංචාරයේ දී ඇතිවූ කාරණා සම්බන්ධයෙන්. එතැනත් යම් යම් නීති කඩලානේ එලියට ගිහින් තිබ්බේ."

"ඒක නිසා ඔහුට ඉදිරියේදී අවස්ථාව ලබාදීම පිළිබඳව කොන්දේසි මොනවාද කියලා සාකච්ඡා කරලා, ජාතික ක්‍රීඩා සභාවත් එක්කත් සාකච්ජා කරලා ඉදිරි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔහුගේ තහනම ඉවත් කිරීම ගැන සලකා බැලීමට කටයුතු කරනවා." අමාත්‍යවරයා එහිදී පැවසුවේය.

(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්