පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න පොලිස්පති ධුරයෙන් ඉවත්කිරීමට ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය කිසිසේත් වැරදි නැතැයි ව්‍යවස්ථාදායක සභාවේ

සභාපති කතානායක මහින්ද යාපා අබේවර්ධන ‘දිවයින’ පුවත්පතට පවසා ඇත.

දෙවතාවක්ම සේවා දිගු ලබා සිටි පොලිස්පතිවරයාට තවත් සති තුනක සේවාවක් ලබාදී තිබියදී ව්‍යවස්ථාදායක සභාව පොලිස්පතිවරයා ඉවත් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බව ද කතානායකවරයා පවසයි.

ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය නිවැරදි වුවත් විධායක ජනාධිපතිවරයා යළි ඔහුට සේවා දිගුවක් ලබාදීම ද වැරදි නැතැයි ද කතානායකවරයා පෙන්වාදෙයි.

පොලිස්පතිවරයා විශ්‍රාම ගිය පසු ජනාධිපතිවරයා සතු බලතල මත ඔහුට දෙවතාවක් සේවා දිගු ලබාදී එම කාලය ද අවසන් වන්නේ නම් ඊළඟ පොලිස්පතිවරයා පත්කිරීමට අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ලයිස්තුවක් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට නම් කර එවිය යුතුය.

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ධුරයෙන් ඉවත්කිරීමට ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය නිවැරදි වුවත්, ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ඔහුට තව සේවා දිගුවක් ලබාදීමට බලතල තිබෙන බව ඒ මොහොතේත් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් අටදෙනා හොඳහැටි අවබෝධ කරගෙන සිටි බව ද කතානායකවරයා කියා සිටියි.

 ව්‍යවස්ථාදායක සභාව නිර්දේශ කරන ඇතැම් පත්වීම් ජනාධිපතිවරුන් පත් නොකළ අවස්ථා ද තිබෙන බව ද කතානායකවරයා තවදුරටත් පවසයි.


Police andu 2023.10.19
ව්‍යවස්ථාදායක සභාවට පුළුවන් නම් නිර්දේශ කිරීමටයි – වජිර

පොලිස්පති සම්බන්ධ ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස්පතිවරයා පත් කිරීමටත්, ඉවත් කිරීමටත් බලය පවතින්නේ පාර්ලිමේන්තුවට හෝ ජනාධිපතිවරයාට බවයි.

පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවට බලය පවතින්නේ පොලිස්පතිවරයාගේ නම් නිර්දේශ කිරීමට යැයි ද අබේවර්ධන මන්ත්‍රීවරයා, 'සිරිකොත' පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (18දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

ජනාධිපතිවරයා සහ පොලිසිය භාර ඇමැතිවරයා රටේ නොමැති අවස්ථාවක ජනාධිපතිවරයා විසින් සති තුනකට හිටපු පොලිස්පතිවරයා පත් කර තිබියදී ඔහු ව්‍යවස්ථාදායක සභාව විසින් ඉවත් කර ඇති බවත් ඔහු නැවත එම ධුරයට පත් කිරීම ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට අනුව සිදුකර ඇති බවත් වජිර අබේවර්ධන කීය.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්