එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ආයතනය විසින් ඇමෙරිකාවේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සභාපතිවරුන්ගේ

වැඩමුළුවකට සහභාගි වීමට නම්කර සිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංගට හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරට ඇමෙරිකානු වීසා ලබාදීම අසීරුබව රාජ්‍ය තාන්ත්‍රිකව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙම සංචාරයේ කණ්ඩායම් නායකයා ලෙසද නම් කර තිබිණි.

එලෙස වීසා ප්‍රතික්ෂේප කිරීමට හේතුව, ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට අදාළ නඩුවක් සහ සරත් වීරසේකර මන්ත්‍රීවරයාට අදාළව යුද සමයේ ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණයක් අනුව බව සඳහන්ය. 

තවද, පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති ධූරය දරන මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම ගේ පාර්ලිමේන්තු සේවාව මසකට තහනම් කර ඇති නිසා ඔහුටද මෙම සංචාරය අහිමිවනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.

ඇමරිකාවෙන් ගම්මන්පිලටත් තහංචි !

මේවනවිට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ උදය ගම්මන්පිල මන්ත්‍රීවරුන්ට ද ඇමරිකාව විසින් සම්බාධක පනවා ඇතැයි වාර්තාවේ. 

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අදහස් දැක්වූ නීතිඥ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවසුයේ, මිට වසර ගණනක සිට ඇමරිකානු රජය විසින් තමාට එරටට ඇතුළුවීම තහනම් කර ඇතිබවයි . බලශක්ති අමාත්‍යවරයා ලෙස 2022 දී ඇමරිකාවේ පැවති ජාත්‍යන්තර සමුළුවකට සහභාගිවීමට තමා විසා ඉල්ලීමක් ඉදිරිපත්කල අවස්ථාවේ ඇමරිකානු රජය විසා ලබාදීම ප්‍රතික්ෂේප කල බවද ගම්මන්පිල මන්ත්‍රීවරයා කියා සිටියේය.

තමාගේ බිරිඳ සහ දරුවන් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටියද ඇමරිකාවේ මෙම විසා තහංචිය පදනම් කරගනිමින් ඕස්ට්‍රේලියාවද තමාට එරටට ඇතුළුවීමට විසා ලබාදීම අත්හිටුවා ඇතැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය. 

IMG 0719
 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්