ස්මාර්ට් රට ගොඩනැගීම “මගෙන් පටන් ගනිමු” යන්න සංකේතවත් කරමින් එළිදැක්වුණු ලාංඡනය අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් පසුගිය

සෙනසුරාදා (21) පැවති එජාප විශේෂ සමුළුවේදී ජනාධිපතිවරයාට පළදවනු ලැබිය.

“ස්මාර්ට් රටක් – ජය ගනිමු 2048” යන තේමාව යටතේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී එක්සත් ජාතික පක්ෂ සමුළුව සංවිධානය කර තිබිණ.

ස්මාර්ට් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනඟමින් රටේ ආර්ථිකය ඉහළට ඔසවා තැබීම තම අරමුණ බව සමුළුව අමතමින් ජනාධිපති වික්‍රමසිංහ එහිදී අවධාරණය කළේය.

ජනාධිපති වික්‍රමසිංහ තවදුරටත් සඳහන් කළේ, ස්මාර්ට් රටක් ගොඩනැගීමට සියලු ක්ෂේත්‍රවල දූෂණය පිටුදැකිය යුතු බවත්, ඒ සඳහා රාජ්‍ය ආයතන තුළ මෙන්ම දේශපාලන පක්ෂ තුළද දූෂණය මැඩලීම සඳහා අණ පනත් රැසක් හඳුන්වාදීමට කටයුතු කරන බවත්ය.

එසේම රටේ ආර්ථිකය ගොඩනඟන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, ස්මාර්ට් පක්ෂයක් ලෙස ඉදිරියේ දී රට වෙනුවෙන් පුළුල් කාර්ය භාරයක් ඉටුකිරීමට එක්සත් ජාතික පක්ෂය පෙරට ආ යුතු බවද අවධාරණය කළේය.

'ස්මාර්ට් රටක්' නිර්මාණය කිරීමේ වැඩසටහන “මගෙන් පටන් ගමු” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ සමුළුවේදී කියා සිටියේය.

ඩිජිටල්කරණයට ලක්වූ වැඩසටහන් සමගින් මගෙන් පටන් ගමු වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක වීමට නියමිත අතර පක්ෂ සම්මේලනයට පැමිණි සාමාජිකයින් එම වැඩසටහනට ඇතුළත් කරගැනීමද මෙහිදී සිදුවිය.

'ස්ටම් එක චේන්ජ්' කරන අකාරය එජාප සම්මේලනය අමතමින් අමාත්‍ය මනුෂ නානායක්කාර මෙසේ පැහැදිලි කළේය. 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image