උතුරේ දියත් කළ යුද්ධයේදී ඝාතනයට ලක්වු එල්.ටී.ටී ඊ සාමාජිකයන් වැඩිම සංඛ්‍යාවක්

මිහිදන් කර තිබෙන සුසාන භුමිය එළිපෙහෙළි කරමින් මහවිරු දිනය සැමරීමට වන්නියේ දෙමළ ජනතාව සුදානම් වෙමින් සිටිති.

නොවැම්බර් 27 වැනිදාට යෙදී තිබෙන දෙමළ මහවිරු දිනය ඉලක්ක කරගනිමින් ඔක්තෝබර් 22 වැනි ඉරිදා මුලතිව්, විශ්වමඩු පිහිටි තේරාවිල් සුසාන භුමිය ශ්‍රමදානයෙන් ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

ඝාතනයට ලක්වු හිටපු  එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 7000 ක් පමණ මිහිදන් කර තිබෙන තේරාවිල් සුසාන භුමියට එක්වු ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් ඇතුළු පිරිසක් එහි සුද්ද පවිත්‍ර කටයුතු සිදු කිරීම ආරම්භ කර තිබේ.

එහිදී මන්ත්‍රීවරයා ප්‍රදේශයේ මාධ්‍යවේදීන් සමග පවසා ඇත්තේ දෙමළ ජනයාගේ විමුක්තිය වෙනුවෙන් සටන් කර දිවි දුන් මහ විරුවන්ට ගෞරව කිරීමේ වගකීමක් පවතින බවයි.

"අපේ ජාතියේ විමුක්තිය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ සිහින සැබෑ නොවුණත්, ඔවුන්ට ගෞරව කිරීම, ඔවුන්ගේ කැපකිරීම් පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යාමේ වගකීම අපට තිබෙනවා."

ප්‍රදේශවාසීන් චෝදනා කරන පරිදි  සුසාන භුමියෙන් සියයට හැත්තැ පහකට වැඩි භුමි ප්‍රමාණයක් යුද හමුදාව අත්පත්කරගෙන සිටී.

මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් මිහිදන් කර තිබෙන භුමිය මත යුද හමුදාව ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩා කරන බවට චෝදනා කරන ඥාතීන් පසුගිය වසරේ ඉල්ලා සිටියේ තේරාවිල් සුසාන භුමිය සමීපයේ ස්ථාපිත කර තිබෙන යුද හමුදා කඳවුර වහාම එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසයි.

11262023 1

11262023 3

11262023 4

11262023 2

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්