අද දිනයේ සිදුකෙරුණ කැබිනට් සංශෝධනයේ දී හම්බන්තොට දිස්ත්‍රීක්කයේ මහින්ද අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයා වෙත වැවිලි කර්මාන්ත විෂය පැවරීම සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂය සිය විරෝධය පළකර සිටියි.

ජනාධිපතිවරයා එම ධූරයේ හිඳුවා ඔහුට රජය පිටුවා කටයුතු කිරීම සඳහා පූර්ණ සහයෝගය දුන් පොදුජන එක්සත් පෙරමුණ සම්බන්ධව නොසලකා ජනාධිපතිවරයා නව කැබිනට් සංශෝධනයේ දී ගත් අදූරදර්ශී තීන්දුව පිළිබඳව පක්ෂයක් ලෙස පොදුජන පෙරමුණට දැඩි කනස්සල්ලක් ඇති බව එම පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසීය.

සාගර කාරියවසම් මන්ත්‍රීවරයා මේබව කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ ද මෙම මාධ්‍ය හමුවට සහභාගි විය.


දැඩි කලකිරීමකින් සිටියත් මේ මොහොතේ දී ජනාධිපතිවරයාට සහයෝගය ලබා නොදීම සඳහා පක්ෂයක් ලෙස තීන්දුවක් ගෙන නැති මුත් අනාගතයේ දී ඒ පිළිබඳව සලකා බලන්නට සිදුවන තැනකට පක්ෂය පත් වී ඇති බව පොහොට්ටු මහ ලේකම්වරයා පැවසිය.


මාධ්‍ය හමුවේදී පොහොට්ටු මහ ලේකම්වරයා මෙසේ ද පැවසීය.

 “මේ කැබිනට් සංශෝධනය සිදුවූ ආකාරය ගැන අපේ යම් කිසි කනස්සල්ලක් තියනවා. අපි ඒ ගැන ජනාධිපතිතුමාව දැනුම්වත් කළා. මේ පාර්ලිමේන්තුවේ දි ජනාධිපතිතුමාට රජය ගෙනියන්න ශක්තිය දෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අති බහුතරයක් තමයි මේ ශක්තිය ලබා දෙන්නේ.”

“ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 05 දෙනයි ඉන්නේ. එතැනදිත් පොදු ජන පෙරමුණට තිබුණ ඇමති ධූරයක් ගලවලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීලා තියනවා.  රාජ්‍ය ඇමති ධූරයකුත් තවත් අලුතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දීලා තියනවා. ඒ සම්බන්ධව අපි සතුටු වෙන්නේ නෑ. ඒක වැරදි දෙයක්. වැරදි දේ කියන්න අපි බය වෙන්නේ නෑ. ජනාධිපතිතුමා උනත් වැරදි කරනවා නම් වැරදියි. ඒ වැරදි දේ ගැන අපි ප්‍රකාශ කර සිටිනවා. ජනාධිපතිවරයාට එසේ නොකර ඉන්න තිබුණා.

මේ සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස අප දැඩි කනස්සල්ලෙන් ඉන්නේ. පක්ෂයක් ලෙස අපට විශාල කලකිරිමක් තියනවා. වේදනාවක් තියනවා. එතුමාට ජනාධිපති ධූරය අරන් දීලා එතුමාට ශක්තිය ලබා දීල එතුමා අපට මේ විදිහට කරන එක ගැන. '' පොහොට්ටු ලේකම්වරයා පැවසුවේය.

කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට එරෙහිව පසුගිය කාලයේ ප්‍රකාශ වූ කරුණු තරයේ ප්‍රතික්ෂේප කල පොහොට්ටු ලේකම්වරයා, වෛද්‍ය රමේෂ් පතිරණ වෙත සෞඛ්‍ය අමාත්‍ය ධුරය පිරිනැමීම ගැන සතුටුවන බවද කියා සිටියේය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්