leader s

ප්‍රකට කෝටිපති ව්‍යාපාරික දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ ⁣(85) මරණයට හේතුව සෙම නරක් වී නිව්මෝනියා තත්ත්වය

උත්සන්න වීමෙන් සිදු වූවක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි .

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ඩබ්.ආර්.ඒ.එස්.රාජපක්ෂ ඇතුළු අධිකරණ වෛද්‍ය නිළධාරීවරුන් තිදෙනකු ඇතුළු කණ්ඩායමක් කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරී කාර්යාලයේ දී ඊයේ (23) දා පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මේ බව අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල මහතාගේ මරණය සැක සහිත බවට සිසිලියා කොතලාවල මහත්මිය ගේ නැගණිය බම්බලපිටිය පොලීසියට කර තිබූ පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමත් සමග පොලීසියට කළ නියෝගයකට අනුව මෙම පශ්චාත් මරණ පරීක්ෂණය ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් හරහා මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරිණි.

ඒ අනුව කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පැය 3 කට ආසන්න කාලයක් පැවැති අතර එහිදී නිකුත් කළ වෛද්‍ය වාර්තාවට අනුව, දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ මරණයට හේතුව සෙම නරක් වීමෙන් ඇතිවූ නිව්මෝනියා තත්ත්වය බවට නිගමනය වී ඇත. 

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්