ආර්ථික ‍ප්‍රතිස්ංස්කරණ වැඩසටහන යටතේ ලංකාවට ලබා දුන් මාස 48 ක විස්තීර්ණ අරමුදල් පහසුකම් පිළිබදව පළමු සමාලෝචනය සදහා පසුගියදා ලංකාවට පැමිණි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල නියෝජිතයන් ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග පැවැති සාකච්ඡා වලින් පසුව එකගතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිවේදනය කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲයර් සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කැට්සියරිනා ස්විරිඩ්සෙන්කා විසින් මේ බව නිවේදනය කර ඇත.

ලංකාවේ බලධාරීන් සමග ඇතිකරගත් මේ මාණ්ඩලික මටිටමේ ගිවිසුම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත් වන බව ඔක්තෝම්බර් 19 වැනිදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන්ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබීම මත, ශ්‍රී ලංකාවට දෙවන වාරිකය ලෙස SDR මිලියන 254 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 330 ක් පමණ) ලබා ගත හැකි වනු ඇති අතර, ඒ අනුව වත්මන් එකගතාවය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවට ලබා දුන් මුළු මූල්‍ය සහාය SDR මිලියන 508 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 660 ක් පමණ) දක්වා වර්ධනය වනු ඇත.

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන උන්නතිකාමී ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවේ යෙදවීම සදහා ශ්‍රී ලංකාවේ පාලකයන් කැපවී සිටින අතර, ඔවුන්ගේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් ප්‍රසංසනීය බව පවසන වාර්තාව ආර්ථිකය ස්ථායීවීමේ තාවකාලික සලකුණු පෙන්නුම් කරන බවද කියා සිටී.

 

උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවැති 70% ක උපරීමයේ සිට 2023 සැප්තැම්බර් මාසයේ දී සියයට 1.3 දක්වා පහත වැටී ඇති අතර, දළ ජාත්‍යන්තර සංචිත මේ වසරේ මාර්තු-ජූනි කාලය තුළ ඩොලර් බිලියන 1.5 කින් ඉහල ගොස් ඇති බව පවසන නිවේදනයේ වැඩිදුරටත් සදහන්ව ඇත්තේ අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය හිගය ලිහිල් වී ඇති බවයි.

ස්ථායීකරණයේ මෙම පෙර සලකුණු තිබියදීත්, පූර්ණ ආර්ථික ප්‍රකෘතියක් පිලිබදව තවමත් සහතිකයක් නොමැති බව කියන වාර්තාව, දෙවැනි කාර්තුවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 3.1 කින් සංකෝචනය වනු ඇති බවද කියා සිටී.

මේ අතර නිවේදනය තවදුරටත් පෙන්වා දෙන්නේ බලාධිකාරීන්ගේ දේශීය ණය මෙහෙයුමෙන් පසුව, තීරණාත්මක ඊළඟ පියවර වන්නේ IMF විධායක මණ්ඩලය විසින් අනුමත කරන ලද වැඩසටහන් පරාමිතීන් සහ ණය ගෙවීම් ඉලක්කවලට අනුකූලව ණය ආපසු ගෙවීමේ සුරක්ෂිත භාවය පිළිබඳව නිල ණය හිමියන් සමඟ ගිවිසුමක් ඇති කර ගැනීම බවයි.

සියලුම නිල ණය හිමියන්ගෙන් ඉල්ලීමක්...

ඒ අතර තමන් සියලුම නිල ණය හිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන් ලබා දුන් මුදල් යෙදවීමේ සහතිකවලට අනුකූලව ඉදිරියට ගොස් සුදුසු ණය ප්‍රතිකර්මයකට එකඟ වන ලෙසයැයි කියා සිටින නිවේදනය, වාණිජ ණය හිමියන් සහ ලංකාව අතර සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව තමුන් තේරුම් ගෙන ඇතැයි ද කිය සිටි.

එමෙන්ම ණය තිරසාරභාවය ශක්තිමත් ආකාරයකින් යථා තත්වයට කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබේ.

 

තිරසාර ප්‍රකෘතියක් කරා ආර්ථිකය මෙහෙයවීම සහ ස්ථාවර, ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වේගය පවත්වා ගැනීම ඉතා වැදගත් වන අතර අවශ්‍ය බදු ක්‍රියාමාර්ග අනුගමනය කිරීම, බදු පරිපාලනය ශක්තිමත් කිරීම සහ බදු පැහැර හැරීම සක්‍රීය ලෙසින් තුරන් කිරීම මගින් ආදායම් වැඩි කරගැනීම සහ වඩා හොඳ පාලනයක් සඳහා බලධාරීන්ගේ කැපවීම තමන් සාදරයෙන් පිලිගන්නා බව වාර්තාවේ සදහන්ය.

 

සමාජ ආරක්ෂණ ජාලය තවදුරටත් ශක්තිමත් කිරීම ඉතා වැදගත්...

ඉන්ධන සහ විදුලි මිල ගණන් වල පිරිවැය යථා තත්වයට පත් කිරීම පවත්වා ගැනීම රජයට අයත් ව්‍යවසායයන්ගෙන් පැන නගින මූල්‍ය අවදානම් අවම කිරීමට උපකාරී වන බව පෙන්වා දෙන නිවේදනය, දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි අයගේ ජීවන රටාව ආරක්ෂා කිරීම සඳහා සමාජ ආරක්ෂණ ජාලය තවදුරටත් ශක්තිමත් කිරීම ඉතා වැදගත් වන බව ද අවධාරණය කර තිබේ.  

මහජන අරමුදල් සම්බන්ධයෙන් පවතින අල්ලස් හා දූෂණ අවදානම් විසඳීම සහ පාලනයේ වගවීම ශක්තිමත් කිරීම සඳහා වන ස්ථීරසාර සංයුක්ත පියවර ගැනීම ආර්ථික විශ්වාසය නැවත ගොඩනැගීම සහ ආර්ථික වෘධිය වඩාත් ශක්තිමත් වීම හා අන්තර්ග්‍රහනය සඳහා අත්‍යාවශ්‍ය වනු ඇති බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්