ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධව කටයුතු කරන්නේ නම් ආණ්ඩුව පෙරළා දැමීමට වුවත් හැකියාව පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක පැවසීය.


ඔහු මෙසේ පැවසුවේ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතනයක වැඩසටහනකට සහභාගීවෙමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කළ හැකි ගොඩක් දේවල් ඇති බවත්, අයවැය පරාජය කිරීමටද හැකියාව ඇති බවත් ඔහු සඳහන් කළේය.

නමුත් එවැනි දේ කිරීමට මේ අවස්ථාවේදී කටයුතු නොකරන බවද ඔහු කීවේය.

ඇමතිවරුන් ඉවත් කළොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කළ හැකි ගොඩක් දේවල් ඇතැයිද එස් බී දිසානායක වැඩිදුරටත් පැවසීය.

(lankadeepa.lk)

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්