වසර 10 ක් පුරා මෙක්සිකෝව සමග නිළ සබඳතා ඇති කරගැනීමට ශ්‍රී ලංකාව ගත් උත්සාහය ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ගේ මැදිහත්වීමෙන් මල්ළුල දරා තිබේ. 


දෙරටේ විදේශ අමාත්‍යාංශ ඒ සදහා දායකත්වය ලබාදී තිබිණ. 

ඒ අනුව තානාපති මහින්ද සමරසිංහ ප්‍රමුඛ තානාපති දූත පිරිසක් පසුගියදා මෙක්සිකෝවේ නිළ සංචාරයක යෙදුන අතර එහිදී ශ්‍රී ලංකාව හා මෙක්සිකෝව අතර සමාජ ආර්ථික දේශපාලන මානව හිමිකම් සංචාරක ඇතුළු සියලු ක්ෂේත්‍ර ආවරණය වන ගිවිසුමක් තානාපති මහින්ද සමරසිංහ හා මෙක්සිකෝ නියෝජ්‍ය විදේශ ඇමතිනි කාමෙන් මොරෙනෝ ටොස්කානෝ අතර අත්සන් කෙරිණ. 

PHOTO 2023 10 26 09 56 41 3
තානාපති මහින්ද හා එරට නියෝජ්‍ය විදේශ ඇමතිනිය අතර වූ සාකච්ඡාවේදී ලංකාව මුහුණ පෑ ආර්ථික ගැටලු හා ඉන් මිදීමට ගත් ක්‍රියාමාර්ග ගැන තානාපතිවරයා පැහැදිලි කළේය. IMF හා ණය පුතිව්‍යුහගත කිරීම, මානව හිමිකම්, සංහිදියාව ගැනද එහිදී විශේෂ අවධානය යොමු කෙරිණ. 

PHOTO 2023 10 26 09 56 39
දෙරට අතර නිළ සාකච්ඡා කොළඹදී පැවැත්වීමේ එකඟතාව ද ඇතිවිය.

PHOTO 2023 10 26 09 56 41 2

එරට විදේශ අමාත්‍යාංශ මානව හිමිකම් අධ්‍යක්ෂ ජෙනරාල් රොබෙටෝ ඩි ලියොන් සමග කල සාකච්ඡාවේදී ශ්‍රී ලංකවේ මානව හිමිකම් හා සංහිදියාව වෙනුවෙන් ගත් පියවර ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් පැහැදිලි කෙරිණ.

එරට විදේශ අමාත්‍යාංශ මානව හිමිකම් අධ්‍යක්ෂ ජෙනරාල් රොබෙටෝ ඩි ලියොන් සමග කල සාකච්ඡාවේදී ශ්‍රී ලංකවේ මානව හිමිකම් හා සංහිදියාව වෙනුවෙන් ගත් පියවර ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් පැහැදිලි කෙරිණ.

PHOTO 2023 10 26 09 56 41

සෙනෙට් සභික හෙක්ටර් වැස්කොන්සිලොස් සමග 

සෙනෙට් සභික හෙක්ටර් වැස්කොන්සිලොස් ගේ හමුවේදී අගමැති දිනේෂ් ගුණවර්ධන ගේ ලිපියක් ඔහුට බාරදීම ද සිදුවිය. අගමැතිගේ හා සෙනෙට් සභිකයාගේ පියවරු අතර තිබූ සබදතාව ඉන් පෙන්වාදී තිබිණ. 

ශ්‍රී ලංකාවේ සංවර්දනය හා අනාගත ඉලක්ක ගැන ද තානාපති මහින්ද සමරසිංහ එහිදී පැහැදිලි කළේය.

PHOTO 2023 10 26 09 56 42 2
මෙක්සිකෝවේ ආයෝජන හා තාක්ෂණ ආයතනයේ (කොම්සේ) උප සභාපති ජෝර්ජ් ලොපෙස් හා තානාපතිවරයා අතර හමුවේදී දෙරට අතර ව්‍යාපාර හා ආයෝජන අපනයන අවස්ථා ගැන  අවධානය යොමුවූ අතර ඒවා වැඩි දියුණු කිරීමට දෙපාර්ශවයේම එකගතාව පලවිය. දෙරට වානිජ මණ්ඩල හරහා ඒකාබද්ධ ව්‍යාපාර ඇතිකිරීම හා මෙක්සිකෝව තුළින් ප්‍රති අපනයනය සිදු කිරීම ගැනද අවධානය යොමු කෙරිණ.

ලංකාවේ කුරුඳු තේ පිගන්බඩු ඇඟලුම් වලට වැඩි ඉඩක් ලබා ගැනීමට තානාපතිවරයා දැරූ උත්සාහයට ඉහළ පුතිචාර පලවිය. තානාපති කාර්යාලයේ අමාත්‍ය (වානිජ්‍ය) චරිත යත්තෙගොඩ එහිදී කරුණු පැහැදිලි කරමින්, ලංකාවෙන් අපනයනය කල හැකි දේවල් හා පෝට් සිටි ඇතුළු ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගැන පැහැදිලි කළේය. විමසූ ප්‍රශ්න වලට ද ශ්‍රී ලංකා තානාපති පුමුඛ දූත පිරිස පිලිතුරු දුන් අතර තෙවන ලේකම් තාරක දිසානායක ද මෙම අවස්ථාව නියෝජනය කළේය.

PHOTO 2023 10 26 09 56 42
(ජයාරූප සහ තොරතුරු ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන්)
  

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්