කළුතර දිස්ත්‍රික්කයේ කෘතහස්ත ගුරු නායකයකු හා වාමාංශික නායකයකු වූ බණ්ඩාරගම, රමුක්කන පදිංචි පී. එස්. පී. ජයතිලක අභාවප්‍රාප්ත වී ඇත.


ඔහු 80 වැඩවර්ජනයේ ගුරු නායකයකු ලෙස කටයුතු කළ අයෙක් වන අතර, එම වර්ජනයේදී රැකියාවද අහිමි කරගත්තෙකි.

ප්‍රකට වාමාංශික නායකයකු වූ ඔහු ප්‍රදේශයේ සමාජ සේවා කටයුතුවලදී මූලිකව කටයුතු කළ අයෙක් වන අතර, ශ්‍රී ලංකාවේ කොමියුනිෂ්ට් පක්ෂයේ ප්‍රබල සාමාජිකයකු ද වේ.

පී. එස්. පී. ජයතිලක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක ගේ පියානන් වේ.

අභාප්‍රාප්ත එස්. පී. ජයතිලක ගේ අවසන් කටයුතු සිකුරාදා (27) දින සවස බණ්ඩාරගම පොදු සුසාන භූමියේදී සිදුකරනු ලබන බව පවුලේ ආරංචිමාර්ග පවසයි.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්