leader s

එළඹෙන අයවැය යෝජනාවලිය මගින් සියළුම රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ

අමාත්‍ය මණ්ඩලය අමතා අද  (30) ප්‍රකාශ කර තිබේ.

රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේ පඩියද වැඩි කරන ලෙස ඉල්ලීමක් කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ආණ්ඩුව රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කරන බව දැනගෙන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඇතැම් කණ්ඩායම් එය ඔවුන්ගේ බලපෑම අනුව සිදු වූ බවට පැවසීමට උත්සාහ දැරීම කිසිදු පදනමක් නැති කතාවක් යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවසා තිබේ.

දිනෙන් දිනම බඩු මිල වැඩි වෙනවා මිස අඩු වීමක් සිදු නොවන තත්ත්වය යටතේ වැඩ කරන ජනතාවගේ වැටුප් ඉහළ දැමීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවද ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ තුන්වැනි අයවැය යෝජනාවලිය නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

රාජ්‍ය සේවකයෝ පාරට බසිති

රාජ්‍ය සේවයේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (30) දිප ව්‍යාප්තව උද්ඝෝෂණ සංවිධානයක් පැවැත්විණ.

රුපියල් 20000 කි වැටුප් වැඩි කිරීම, 2016 අයවැය අහිමි කළ පුර්ණ විශ්‍රම වැටුප් ක්‍රමය යලි ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල කර ගනිමින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වාත්තීය සමිති එකතුව සංවිධානය මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබිණ.

 ඉහල යන භාණ්ඩ හා සේවා මිල හමුවේ ලැබෙන වැටුපෙන්  ජීවත් විය නොහැකි තැනටම අද වන විට වැඩ කරන ජනතාව පත්ව ඇති බවත් සැම භාණ්ඩ හා සේවාක් මිල සියයට 300-400 ගුණයකින් ඉහල ගොස් ඇති බව උද්ඝෝෂකයෝ කියති.

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්