The Leader News
BREAKING
ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●
Top Ad
පුවත්

ලංගම කොන්දොස්තරවරු දවසකට කෝටි 2 ක් ගසාකනවා - අමාත්‍ය බිමල් රත්නායක

T

The Leader Desk

April 9, 2026 • 3:37 AM

ලංගම කොන්දොස්තරවරු දවසකට කෝටි 2 ක් ගසාකනවා - අමාත්‍ය බිමල් රත්නායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පූර්ණ නවීකරණයකින් පසු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ, ජනතාවට විවෘත කිරීම ඊයේ (08) සිදු විය.
  • දිනකට 75,000ක් පමණ වන මගී ජනතාව සහ බස් රථ 2,000කට ආසන්න සංඛ්‍යාවක් වෙනුවෙන් නවීන පහසුකම් රැසක්, නවීකරණය කරන ලද මෙම බස් පර්යන්තයේ ස්ථාපිත කර තිබේ.
  • මෙහි බිම් මහල බස් රථ මෙහෙයුම් සඳහා වෙන් කර ඇති අතර, පළමු මහලේ රියදුරු සහ කොන්දොස්තර මහතුන් වෙනුවෙන් වායු සමනය කළ නවාතැන් පහසුකම් සලසා ඇත.
  • සමස්ත පරිශ්‍රයම CCTV කැමරා පද්ධතියකින් ආවරණය කර ඇති අතර, ඩිජිටල් තිර සහ නවීන තොරතුරු මධ්‍යස්ථානයක් ඔස්සේ මගීන්ට අවශ්‍ය තොරතුරු ක්ෂණිකව නිකුත් කිරීම සිදු කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):


පූර්ණ නවීකරණයකින් පසු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ, ජනතාවට විවෘත කිරීම ඊයේ (08) සිදු විය.

රුපියල් මිලියන 424ක පිරිවැයකින්,"ක්ලීන් ශ්‍රී ලංකා" සංකල්පය යටතේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, කොළඹ මහනගර සභාව ඇතුළු ආයතන රැසක සහයෝගයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක වූ දැවැන්ත මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යාපෘතිය නියමිත කාලයට පෙර නිම කිරීමට හැකි වීම විශේෂත්වයකි.

දිනකට 75,000ක් පමණ වන මගී ජනතාව සහ බස් රථ 2,000කට ආසන්න සංඛ්‍යාවක් වෙනුවෙන් නවීන පහසුකම් රැසක්, නවීකරණය කරන ලද මෙම බස් පර්යන්තයේ ස්ථාපිත කර තිබේ.

මෙහි බිම් මහල බස් රථ මෙහෙයුම් සඳහා වෙන් කර ඇති අතර, පළමු මහලේ රියදුරු සහ කොන්දොස්තර මහතුන් වෙනුවෙන් වායු සමනය කළ නවාතැන් පහසුකම් සලසා ඇත. දෙවන මහල ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්යාලය සහ නවීන ශ්‍රවණාගාරයකින් සමන්විතය.

තවද මෙහි පළමු මහල අලෙවිසැල් සහ නවීන සනීපාරක්ෂක පහසුකම්වලින්ද , දෙවන මහල පාසල් සිසු දරුවන් වෙනුවෙන් වෙන් කළ නවාතැන් පහසුකම්වලින්ද සමන්විත වේ.

සමස්ත පරිශ්‍රයම CCTV කැමරා පද්ධතියකින් ආවරණය කර ඇති අතර, ඩිජිටල් තිර සහ නවීන තොරතුරු මධ්‍යස්ථානයක් ඔස්සේ මගීන්ට අවශ්‍ය තොරතුරු ක්ෂණිකව නිකුත් කිරීම සිදු කෙරේ.

මීළඟ අභියෝගය ?

මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ මිලියන, බිලියන ව්‍යාපෘති අතරින් පිටකොටුව බස් නැවතුම්පොළ නවීකරණ කිරීම තරම් මහජන උනන්දුවක් ඇති වූ වෙනත් ව්‍යාපෘතියක් නොවන බවයි.

මහජන මුදලින් නවීකරණය කෙරුණු මෙම පර්යන්තය එම ප්‍රමිතියෙන්ම පවත්වාගෙන යාම මීළඟ අභියෝගය බව පෙන්වා දුන් අමාත්‍යවරයා,  ඒ සඳහා ජනතාව සිය වගකීම ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත්, අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි වසරක කාලයක් රැක බලා ගැනීම වෙනුවෙන් සහාය ලබා දීමට ආරක්ෂක ලේකම්වරයා එකඟතාව පළ කර තිබෙන බවත් පැවසීය.

රට මුහුණ දුන් අභියෝග හමුවේ වුවද මෙම කාර්යය නතර නොකර අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කැපවීම වෙනුවෙන් අමාත්‍යවරයා මෙහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත සිය ස්තූතිය පිරිනැමීමටද කටයුතු කළේය.

එමෙන්ම, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය යනු දේශපාලන අධිකාරිය විසින් විශාල විනාශයකට ලක් කළ ආයතනයක් බවත්, ඒ අතර එම ආයතනය රුක ගැනීමට විශාල කැපවීමක් සිදු කළ අවංක නිලධාරීන්, සේවකයන් සහ වෘත්තීය සමිති සාමාජිකයින් සිටී බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

දින 200ක් තුළ සිදු කළ නව පරිවර්තනයක් - නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන


මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ නවීන පහසුකම්වලින් සමන්විතව ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම වෙනුවෙන් මධ්‍යම බස් නැවතුම්පොළෙහි පහසුකම් ඉහළ නංවා ඇති බවයි.

මෙය රජයේ ස්ථානයක් වුවද නිල බලය සහ මැර බලය යෙදාගෙන පෞද්ගලික කණ්ඩායම් විසින් එක් එක් කොටස් බෙදා ගෙන තිබීම හේතුවෙන් මෙම ස්ථානය අභාවයට යමින් තිබු නමුත් දින 200ක් තුළ සිදු කළ නව පරිවර්තනයත් සමඟ ජනතාවට වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කර තිබෙන බවත්, එම පරිවර්තනය හුදෙක් තීන්ත ආලේප කළ පරිවර්තනයක් නොවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රට තුළ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී ඊට අවශ්‍ය පහසුකම්ද ඉහළ නැංවිය යුතු බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ ආකාරයෙන් පද්ධති සහ ක්‍රමවේද අලුතින් හඳුන්වා දෙන විට ජනතාව හිතන පතන ආකාරය පවා වෙනස් වන බවටද විශ්වාසය පළ කළේය.

නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වී.බී. එදිරිසිංහ, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනකරත්න, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති එම්.ජී. හේමචන්ද්‍ර සහ රාජ්‍ය නිලධාරිහු, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නියෝජිතයන්, ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...