The Leader News
BREAKING
ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●
Top Ad
පුවත්

පාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක් - අමාත්‍ය ආනන්ද විජේපාල

T

The Leader Desk

April 9, 2026 • 2:58 PM

පාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක් - අමාත්‍ය ආනන්ද විජේපාල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බවට මේ වනවිට සිදු කරන ලද විමර්ශන ඔස්සේ අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පවසයි.
  • අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂය විසින් ගෙන එන ලද සභාව කල් තබන අවස්ථාවේ විවාදයට අද ( 09) පස්වරුවේ එක්වෙමිනි.
  • "පාස්කු ඉරුදින ප්‍රහාරය හුදකලා සිදුවීමක් නොවන බවත් ඒ 2017 සිට සැලසුම් සහගතව දියත් කරන ලද කුමන්ත්‍රණයක් බවත් මේ වෙනකොට විමර්ශන ආශ්‍රයෙන් හෙළිවෙලා තියෙනවා.
  • මේක කුමන්ත්‍රණයක් මීට 2017 සිට සැලසුම් කරලා.
අකුරු ප්‍රමාණය (Font Size):

බවට මේ වනවිට සිදු කරන ලද විමර්ශන ඔස්සේ අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂය විසින් ගෙන එන ලද සභාව කල් තබන අවස්ථාවේ විවාදයට අද ( 09)  පස්වරුවේ එක්වෙමිනි.

එහිදී ඔහු මෙසේද පැවසිය.

"පාස්කු ඉරුදින ප්‍රහාරය හුදකලා සිදුවීමක් නොවන බවත් ඒ 2017 සිට සැලසුම් සහගතව දියත් කරන ලද කුමන්ත්‍රණයක් බවත් මේ වෙනකොට විමර්ශන ආශ්‍රයෙන් හෙළිවෙලා තියෙනවා. මේක කුමන්ත්‍රණයක් මීට 2017 සිට සැලසුම් කරලා. ක්‍රමක්ක්‍රමයෙන් ක්‍රියාත්මක කරලා මේ සිද්ධිය දක්වා ගෙනාපු කුමන්ත්‍රණයක් හැටියට තමා දැනට විමර්ශනවලින් අනාවරණය වෙන්නේ.

2018.11.30 දින වව්නතිව් පොලිස් නිලධාරීන්ගේ ඝාතනය. 2017.12. 22, 23  දින මාවනැල්ල බුදු පිළිමවලට එල්ල වූ ප්‍රහාරය 2019.01.16 දින වනාතවිල්ලුව ප්‍රහසිගත කඳවුරක තිබී සොයාගන්නා ලද ඩෙටනේටර් ඇතුළු පුපුරන ද්‍රව්‍ය සමග සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීම. 2019.03.10 දින මාවනැල්ල ප්‍රදේශයේ තස්ලීම් නැමැති පුද්ගලයාට වෙඩිතැබීම. 2019.04.16 දින මඩකලපුව කාත්තන්කුඩි පාලමුන ප්‍රදේශයේ යතුරු පැදියක් පුපුරුවා හැරීම 2019.04.21 දින පාස්කු ඉරිදා ප්‍රහාරය. මේ එක ම කණ්ඩායමක එකිනෙකා හා දාමගත වූ සිදුවීම් සිදුවීම් මාලාවක් බව මේක කරනකොට සහ විමර්ශන අංශයෙන් පැහැදිලි වෙනවා."

එමෙන්ම ශිවනේසතුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව දැනුවත්භාවයකින් සිටි බවටද කරුණු හෙළිවී ඇති බව ඔහු පැවසීය.

තවද සහරාන් හෂීම්ට ඉහළින් සිට ඔහුව මෙහෙයවූ පුද්ගලයෙකු සහ කණ්ඩායමක් පිළිබඳ සාක්ෂිද හමුවී ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

එසේම වව්නතිවු පොලිස් නිලධාරීන් ඝාතනය සිද්ධියේ විමර්ශන නිසි ආකාරයෙන් සිදුකළේ නම් පාස්කු ප්‍රහාරය වැළැක්වීමට හැකිව තිබූ බවද ඔහු පැවසීය.

පාස්කු ප්‍රහාරයට අදාළ කුමන්ත්‍රණය සහ ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකපිට සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...