තමන්ට මේ රටට ආදරය කිරීමට රටේ ජනතාව පිළිබඳ කතා කිරීමට පන්නරය ලැබුණේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් බව රාජාංගනේ සද්ධාරතන හිමි පවසති.

මහණ වීමට පෙර තමන් තරම් ක්‍රිකට් තරඟ නැරඹු කෙනෙක් ලොව නැතැයි ද එහිමියන් ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හොර කල්ලියක් විසින් විනාශ කොට ඇති බවත්, ජාති ආගම් පක්ෂ භේදයකින් තොරව රටේ ජනතාවට එකට එකතු වී සතුටු විය හැකි ක්‍රිකට් ක්‍රීඩාව විනාශ නොකරන ලෙස තමන් ඉල්ලා සිටින බව ද සද්ධාරතන හිමි වැඩිදුරටත් සඳහන් කළහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට අද දහවල් පැවති විරෝධ්ජයට ජනසෙත පෙරමුණේ ලේකම් බත්තරමුල්ලේ සීලරතන හිමියන් ද එක්ව සිටියහ.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි කියන වංචාවලට එරෙහිව පැවැත්වීමට සූදානම් කර තිබූ විරෝධතාකරුවන්ගේ ගමන වළක්වාලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිවිසෙන කොළඹ 7 විද්‍යා මාවත මාර්ග බාධක යොදා තාවකාලිකව අද වසා දැමීමට පොලීසිය පියවර ගනු ලැබීය.

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට සිවිල් ක්‍රියාකාරීන් සහ ක්‍රීඩා ලෝලීන්  පුරා රැඳී සිටි අයුරු ද දක්නට ලැබිණ.

ක්‍රීඩාලෝලීන් ජාතික කොඩිය ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් ක්‍රිකට් ආයතනයට පිවිසෙන මාර්ගය අසල විරෝධතාවයේ නිරත වූහ.

2006 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ක්‍රිකට් සම්බන්ධයෙන් විගනන වාර්තාවක් ලබාදෙන ලෙසද ඔවුන් එහිදී ප්‍රකාශ කළේය.

මෙම තත්ත්ව හේතුවෙන් ක්‍රිකට් ආයතන අවට ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් ද ඊයේ දිනයේ යොදවා තිබිණ.

කැරලි මර්ධන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ හමුදාව ද ක්‍රිකට් ආයතනය ඉදිරිපිට කැඳවීමට පියවර ගනු ලැබීය.

ක්‍රිකට් ආයතනයට ගමන් කළ හැකි සියලු පිවිසුම් මාර්ග පොලීසිය විසින් අවහිර කර තිබූ අතර පසුව ඒවා ගමනාගමනයට විවෘත කිරීමට පියවර ගනු ලැබීය.
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්