ජංගම දුරකථන සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ

ජංගම සේවාවක් දීප ව්‍යාප්ත ව සිදු කිරීමට පියවර ගෙන ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

එම සභාව සඳහන් කළේ, ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගිකයන් තමන් භාවිත කරන සිම්පත තමන් ගේ නමින් ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වන බවයි.

තමන් ගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ නිකුත් වි ඇති සිම්පත් පිළිබඳ තමන් දැනුවත් ව සිටිය යුතු බව ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.


තම දුරකථනයෙන් #132# අංකය ඇමතීමෙන් තමන්ගේ හැඳුනුම්පත් අංකය යටතේ ඇති දුරකථන අංකයන් දැනගැනීමේ හැකියාව පවති. තමන් ගේ හැඳුනුම්පත් යටතේ තමන් නොදන්නා වෙනත් සිම්පත් ලියාපදිංචි වි ඇත්නම් එම සිම්පත් වහා අවලංගු කිරීමට කටයුතු කළ යුතු බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.


තමන් එසේ සිදු නොකර එම සිම්පත හරහා යම් අවභාවිතාවක් සිදු කළහොත් එහි වගකිම තමන්ට දැරිමට සිදු වන බව එම කොමිසන් සභාව පවසයි.

මේ වන තුරුත් තමන් භාවිතා කරනු ලබන සිම්පත් තමා ගේ නමට ලියාපදිංචි වී නොමැති නම් තමන් භාවිත කරන සිම්පත අයත් දුරකථන සමාගම හා සම්බන්ධ වී එම සිම්පත ලියාපදිංචි කර ගැනීමට පියවර ගත යුතු බව සඳහන්ය.

(aruna.lk)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්