2024 ප්‍රධාන අයවැය යෝජනා මොනවා ද?


2024 අයවැය ඉදිරිපත් කරමින් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් වැඩි කිරීම ඇතුළු යෝජනා ගණනාවක් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරනු ලැබීය. 

රජයේ ණය ගැනීමේ සීමාව ඉහළ නැංවීම ද මෙවර අයවැයේ කැපී පෙනෙයි. මේ අවධානය ප්‍රධාන අයවැය යෝජනා 10ක් පිළිබඳවය.

budget 2024 2
1. රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්


මිලියන 1.3ක් වූ රාජ්‍ය සේවකයින් වෙනුවෙන් 2024 ජනවාරි මාසයේ සිට ඔවුන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 10,000කින් වැඩි කිරීමට ජනාධිපතිවරයා යෝජනා කරනු ලැබීය.

රාජ්‍ය සේවකයින්ට මේවන විට මාසිකව හිමිවන්නේ රුපියල් 7,800 ක ජීවන වියදම් දීමනාවක් බව පැවසූ ජනාධිපතිවරයා 2024 ජනවාරි මාසයේ සිට එය රුපියල් 17,800 දක්වා වැඩි කරන බව පැවසීය.
 
IMG 20231113 WA0048
මහා භාණ්ඩාගාරයට ආදායම් ලැබෙන්නේ පෙබරවාරි, මාර්තු මාසයේ සිට බැවින් එම දීමනාව ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට වැටුපට එකතුවන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම ජනවාරි සිට මාර්තු මාසය දක්වා වූ හිඟ මුදල ලබන වසරේ ඔක්තෝම්බර් මස සිට වාරික ලෙස මාස 6ක් තුළදී ලබාදීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා පැවසීය.

රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන් සඳහා මාසිකව හිමිවන රුපියල් 3,525 ක මාසික ජීවන වියදම් දීමනාව ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට රු. 2500 කින් වැඩි කිරීමට යෝජනා කෙරේ.

2. වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප

වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප, සඳහා සේවකයන් සිය මූලික වැටුපෙන් ලබාදෙන සියයට 6‐7ක දායකත්වය ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට 8%ක් දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇත.
budget 2024 4
 
3. ආපදා ණය

දැනට සීමා පනවා ඇති රාජ්‍ය සේවයකයින්ට ආපදා ණය ගැනීමේ හැකියාව ලබන වසරේ ජනවාරි මස 01 වැනිදා සිට පෙර පරිදි ණය ලබා දීමට යෝජනා කෙරේ.

4. අස්වැසුම සහ ආබාධිත දීමනා

අස්වැසුම සමාජ ආරක්ෂණ වැඩසටහන වෙනුවෙන් වෙන් කර ඇති රුපියල් බිලියන 60ක මුදල වාර්ෂිකව රුපියල් බිලියන 183ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කෙරේ.

ඒ අනුව ප්‍රතිලාභය හිමිවන පවුල් සංඛ්‍යාව මිලියන 02ක් දක්වා ඉහළ යනු ඇත.

ආබාධිත පුද්ගලයන් හා වකුගඩු රෝගීන් සඳහා මාසිකව ලබා දෙන රුපියල් 5,000 ක දීමනාව රුපියල් 7,500ක් දක්වා ඉහළ දැමීමට යෝජනා කෙරේ.

වැඩිහිටි පුරවැසියන් වෙත ලබා දෙන රුපියල් 2,000 ක මාසික දීමනාව රුපියල් 3,000 ක් දක්වා වැඩි කෙරේ.

5. නාගරික නිවාස සහ වතුකරයේ නිවාස

විවිධ නාගරික වැඩසටහන් යටතේ ඉදිකොට අඩු ආදායම් පවුල්වලට රුපියල් 3,000 ක මාසික කුලිය මත ලබා දී ඇති නිවාස සඳහා කුලී අය කිරීම අත්හිටුවා එම නිවාසවල අයිතිය එම පවුල්වලට ලබාදීමට ක්‍රියා කිරීම.
 
IMG 20231113 WA0047
 
2024 වර්ෂයේ දී පවුල් 50,000 කට ආසන්න සංඛ්‍යාවකට මෙම නිවාසවල අයිතිය ලබා දෙයි.

වතුකරයේ ජීවත් වන පුද්ගලයින්ට නිවාස තනා දීම සඳහා ඉඩම් අයිතිය හිමි කර දීමේ ආරම්භක පියවර වශයෙන් රුපියල් බිලියන 4 ක් වෙන් කිරීමට යෝජනා කෙරේ.

6. අතුරුදන් පුද්ගල වන්දි

උතුරු සහ නැගෙනහිර පළාත්වල අභ්‍යන්තර ගැටුමෙන් බලපෑම් එල්ලවූ අතුරුදන්වුවන් සහ විපතට පත් වූවන් සඳහා වූ වන්දි ගෙවීම් කඩිනම් කිරීම සඳහා තවත් රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කෙරේ.
 
budget 2024 1
 
මිලියන 1.3ක් වූ රාජ්‍ය සේවකයින් වෙනුවෙන් 2024 ජනවාරි මාසයේ සිට ඔවුන්ගේ මාසික ජීවන වියදම රුපියල් 10,000කින් වැඩි කිරීමට ජනාධිපතිවරයා යෝජනා කරනු ලැබීය.
 
7.ණය ගැනීම් සීමාව වැඩි කිරීම හා විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය

බැංකු නැවත ප්‍රාග්ධනීකරණය සහ විදේශ ණය ප්‍රතිවුහගත කිරීම ක්‍රියාවට නැංවීම සඳහා දිගු කල්පිරීම් කාලයක් සහිත නව ණය මෙවලම් නිකුත් කිරීම අවශ්‍ය වන බවත් එබැවින් දැනට පවතින ණය පියවීමට අයවැය ප්‍රතිපාදන අවශ්‍ය වනවා මෙන්ම ණය ගැනීමේ සීමාව වැඩි කිරීම අවශ්‍ය බව ජනාධිපතිවරයා පැවසීය.

ඒ අනුව, ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3,900 සිට රුපියල් බිලියන 7,350ක් දක්වා රුපියල් බිලියන 3,450 කින් වැඩි කිරීමට යෝජනා කෙරේ.

එමෙන්ම විදේශ ණය ප්‍රතිවුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා සහ විදේශ ණය ප්‍රතිවුහගත කිරීම යටතේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පියවීම සඳහා රුපියල් බිලියන 3,000 ක් අයවැය මගින් වෙන් කිරීමට යෝජනා කර ඇත.

8.රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල
 
IMG 20231113 WA0046
රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනය ලබන දරුවන් සඳහා ක්‍රියාත්මක පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට අමතරව වාණිජ බැංකු හරහා සහනදායි ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ද යෝජනා කෙරේ.

රැකියාවක් ලබා ගැනීමෙන් පසු ඒ ණය ආපසු ගෙවිමට අවකාශ සැලසේ.

9. ත්‍රිකුණාමලය නගරාශ්‍රිත සංවර්ධනය
 
PHOTO 2023 11 13 17 09 37
ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාව බැවින් ඉන්දියානු ආයෝජකයින් සමඟ එක්ව මෙම සංවර්ධන වැඩපිළිවෙල දියත් කිරීමට බලාපොරොත්තු වන බැවින් එම කටයුතු සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කිරීමට යෝජනා කරයි.

10. ‪බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය

බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය ඇතුළත් සහතික පිටපතක් ඉදිරිපත් කිරීම පහත සඳහන් අවස්ථා වලදී අනිවාර්ය කෙරේ.‬

‪* ඕනෑම බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීම;‬
‪* ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටෙක. ඉල්ලුම්කරු විසින්.‬
‪* මෝටර් රථයක් ලියාපදිංචි කරන හෝ බලපත්‍රය අලුත් කරන විට. හිමිකරු විසින්.‬
‪* ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කරන විටෙක. ගැනුම්කරු විසින්.


IMG 20231113 WA0044
 
පීලි පැන ඇද වැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය වසරක කාලය තුළ යළිත් පීල්ල මත තබන්නට හැකි වූ බවත්, ඒ වෙනුවෙන් ජනතාව වෙහෙසෙන විට එසේ නොකර රට ආපස්සට ඇද දමන්නට වෙහෙසුණු පිරිසකුත් සිටි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 අය වැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ අද (නොවැම්බර් මස 13 වෙනිදා) කළේය.

IMG 20231113 WA0040
 
ජනාධිපතිවරයා පැවසුවේ සුරංගනා කතා කියා රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවය.

කාලයක් තිස්සේ දේශපාලන පක්ෂ ලබා දුන් ඡන්ද පොරොන්දුවල අවසන් ප්‍රතිඵලය රට බංකොළොත් වීම බව පෙන්වාදුන් ජනාධිපතිවරයා අවාසනාවකට රටේ ඇතැම් කණ්ඩායම් තවමත් මෙම තත්ත්වය අවබෝධකරගෙන නොමැති බවද පැවසීය.

(BBC සිංහල සේවය)


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්