ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
එම අධිකාරියේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ (සැලසුම් හා තොරතුරු) නීතිවේදී සමාජ විද්‍යාඥ ශානික මලල්ගොඩ පැවසුවේ, ඒ අනුව එම වසර තුළ ලැබී ඇති සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 10,455ක් වන බවය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවැති ළමා අරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
* ළමයින් කෘරත්වයට පත් කිරීම පිළිබඳව පැමිණිලි 2,099ක්
* ළමයින් කායික දණ්ඩනය සම්බන්ධව පැමිණිලි 11,409ක්
ඇය තවදුරටත් පැවසුවේ, ලැබී ඇති මෙම පැමිණිලි සංඛ්‍යාවෙන් පැමිණිලි 2,099ක් ළමයින් කෘරත්වයට පත් කිරීම වෙනුවෙන් ලැබුණු බවය.
එමෙන්ම මෙම වසරේ පෙබරවාරි 28 වැනි දින වන විට කායික දණ්ඩනය සම්බන්ධව පැමිණිලි 11,409ක් වාර්තා වී ඇති බවද ඇය මෙහිදී අනාවරණය කළාය.
යම් කිසි අයෙකු ළමයෙකු කායික අපයෝජනයට, කායික දණ්ඩනයට ලක් කරන බව දුටුවොත් හෝ ඒ සම්බන්ධව දැනගැනීමට ලැබුණහොත් ජාතික ළමා ආරක්ෂන අධිකාරියට වහාම පැමිණිලි කරන ලෙස ශානික මලල්ගොඩ ඉල්ලා සිටියාය.
ඒ වෙනුවෙන් 1929 යන ළමා දුරකථන අංකය නොමිලයේ ඇමතුම් ලබා ගත හැකි බවත් ඒ අනුව ඕනෑම මොහොතක මෙම දුරකථන අංකයට අදාළ පැමිණිලි යොමු කරන ලෙසත් ඇය ජනතාව ගෙන් ඉල්ලා සිටියාය.
| adaderana




