The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
ක්‍රීඩා

කාන්තා ලෝක කුසලාන 2025 ; අද තරගය අත්හැර දමයි - ශ්‍රී ලංකාව 5වන ස්ථානයට !

T

The Leader Desk

October 4, 2025 • 5:03 PM

කාන්තා ලෝක කුසලාන 2025 ; අද තරගය අත්හැර දමයි - ශ්‍රී ලංකාව 5වන ස්ථානයට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරඟය අතහැර දැමීමට තරග තීරක ජී.
  • කෙසේ වෙතත් දිගින් දිගටම ඇදහැලුණු වර්ශාව හේතුවෙන් පස්වරු 5.30 වන විටත් තරගය ආරම්භ කිරීමට නොහැකි විය.
  • ඒ අනුව, එකම පන්දුවක් හෝ නොයවා තරගය අතහැර දමන ලද බැවින් දෙපිලටම ප්‍රසාද ලකුණු 01 ක් බැගින් හිමිවිය.
  • අද හිමිවූ ප්‍රසාද ලකුණත් සමගින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ පස්වැනි ස්ථානයට පැමිණියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

තරඟය අතහැර දැමීමට තරග තීරක ජී. එස්. ලක්‍ෂමී සහ විනිසුරුවරියෝ තීරණය කළහ.

පස්වරු 3.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගය ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් දිගින් දිගටම ඇදහැලුණු වර්ශාව හේතුවෙන් පස්වරු 5.30 වන විටත් තරගය ආරම්භ කිරීමට නොහැකි විය.

ඒ අනුව, එකම පන්දුවක් හෝ නොයවා තරගය අතහැර දමන ලද බැවින් දෙපිලටම ප්‍රසාද ලකුණු 01 ක් බැගින් හිමිවිය.

අද හිමිවූ ප්‍රසාද ලකුණත් සමගින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ පස්වැනි ස්ථානයට පැමිණියේය.

තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන දෙවන තරගය මෙය වන අතර පළමු තරගයේදී ඔවුන් ඉන්දීය කාන්තා කණ්ඩායම හමුවේ පරාජයට පත් වුණි.

ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ඔවුන් මුහුණදුන් පළමු තරගයේදී නවසීලන්ත කාන්තා කණ්ඩායම පරදා ලකුණු 89ක ජයක් හිමිකර ගත්තාය.

ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම අවස්ථා 7කදී එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා තිබේ.

අවසන් වරට පැවති ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියද ජයගෙන තිබෙන්නේ ඔස්ට්‍රේලියාවයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...