රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට එරෙහිව ගොනු කොට තිබූ

රිට් පෙත්සම සම්බන්ධ තීන්දුව විවේචනය කිරීමෙන් දේශපාලන ක්‍රියාකාරීකයකු වන ඕෂල හේරත් විසින් අධිකරණයට අපහාස සිදු කරන ලදැයි සඳහන් කරමින්, ඒ පිළිබඳ විභාගයක් පවත්වා දඬුවම් කරන ලෙස ඉල්ලා 'විනිවිද පෙරමුණේ' ලේකම් නාගානන්ද කොඩිතුවක්කු අභියාචනාධිකරණයට පැමිණිල්ලක් සිදුකර ඇත

පසුගිය නොවැම්බර් 5 වැනි දින 'මීමැස්සෝ' නැමැති යූ ටියුබ් නාලිකාව ඔස්සේ ඕෂල හේරත් විසින් අදාල නඩු තීන්දුව සම්බන්ධයෙන් කරුණු දැක්වීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බැවින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා සුදුසු දඬුවමක් නියම කරන ලෙස ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබ තිබේ.

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඕෂල හේරත් විසින් ඉදිරිපත් කරන ලද රීට් පෙත්සමක් ඉකුත් දා අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කළ බව පෙත්සම්කරු පවසයි.

නමුත් ඉකුත් 05 වනදා “Mee Massoo TV ” නමැති යූටියුබ් නාලිකාවට සාකච්ඡාවක් ලබා දුන් වග උත්තරකාර ඕෂල හේරත් එම අභියාචනාධිකරණ තීන්දුව විවේචනය කරමින් අදහස් පළ කර ඇතැයි ද පෙත්සමේ සඳහන් වේ.


මේ තුළින් ඔහු අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් එල්ල කොට ඇති අතර අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය හා ගෞරවය පළුදු වන ආකාරයෙන් කටයුතු කර තිබෙන බවත් පෙත්සම මගින් කරුණු දක්වා ඇත.


ඒ අනුව වගඋත්තරකාර ඕෂල හේරත් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය යටතේ ඔහුට දඬුවම් නොකිරීමට හේතු විමසා සුදුසු දඬුවම් නියම කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

අදාළ ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාව මෙතනින්..  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්