leader s

මෙවර අයවැය එක්සත් ජාතික පක්ෂ අයවැයක් වන අතර එයට විරුද්ධ විය හැක්කේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණක් බව සජබ පාර්ලිමේන්තු

මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

"මේ අයවැය ලේඛනයේ වැරැද්දක් නෑ. මේකෙන් හැම කේෂ්ත්‍රයටම යම් ප්‍රතිපාදනයක් ලබාදීලා තියෙනවා. නමුත් පාර්ලිමේන්තු ඉතිහාසය බැලුවහම මෙවැනි අයවැය ලේඛන ගේනවා, මෙවැනි යෝජනා ගේනවා කීයෙන් කීයද ක්‍රියාත්මක වෙන්නේ. එතකොට වැදගත් වෙන්නේ මිනිස්සුන්ට යෝජනා නෙමෙයි. ඒවා ක්‍රියාත්මක වෙනවා ද කියන එක.

අවසානයේ දී අවුරුද්ද අන්තිම වෙද්දි මේවා කොපමණ දුරට ක්‍රියාත්මක වෙනවා ද කියන එක තමා වැදගත්. ඉඩම් ගැන යෝජනාව මම 2002 දී ගෙනාවේ. ඒකම 2015 දී ගයන්ත මන්ත්‍රීතුමා ගෙනාවා. ඒ වගේම මේ බජට් එක UNP බජට් එකක්.

මේකේ බොහෝ දේවල් UNP එකට කරන්න බැරි වුණ දේවල්. මේකට විරුද්ධ වෙන්න පුළුවන් වෙන්නේ පොහොට්ටුවේ අයට විතරයි."

 


(adaderana.lk)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්