The Leader News
BREAKING
පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා●ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !●රුසියානු පර්යේෂිකාවගේ අභිරහස් මරණය: ලෝකයම තැතිගත් රහස●ප්‍රංශයේ සිසු විරෝධතා මැදට පැන සිසුන් රැකගත් නගර පාලකයා●ගමේ කඩේ ස්මාර්ට් කරන 'ව්‍යාපාර බලගන්වයි' වැඩසටහන●ලොව ආකර්ෂණීයම රට ලෙස ජපානය සිව්වන වරටත් පෙරමුණට●සතොස බිලියන ගණනින් ගිලගත් කළමනාකරණ අර්බුදය●හොඳ සිනමාකරුවකු වන්නේ කෙසේ ද ? - බුඩී කියයි (වීඩියෝ)●පළාත් පාලනය සැබැවින්ම කරන්නේ කවුද? ආණ්ඩුකාර බලයේ යථාර්ථය | ලයනල් බෝපගේ●මන්නාරම් තෙල් ගවේෂණය ජාත්‍යන්තර ලංසුවට: ශ්‍රී ලංකාවට නව බලාපොරොත්තුවක්?●
Top Ad
පුවත්

සූජීව ගේ පෙත්සම් විභාගය අවසන් - තීන්දුව පසුවට

T

The Leader Desk

March 20, 2026 • 3:58 PM

 සූජීව ගේ පෙත්සම් විභාගය අවසන් - තීන්දුව පසුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර සහ මේනකා විජේසුන්දර ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවන ලදි.
  • අධිකරණය හමුවේ කරුණු දක්වමින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අනීතික ලෙස ලබාගත් අධිකරණ නියෝග මත වග උත්තරකාර පොලිසිය විසින් මෙම විමර්ශනය සිදුකර තිබෙන බව පෙත්සම්කාර සුජිව සේනසිංහ වෙනුවෙන් එහිදී පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි සදහන් කළේ ය.
  • නීතිය මගින් නියම කර තිබෙන නිසි ක්‍රියා පාටිපාටිය පොලිසිය විසින් මෙම විමර්ශනවලදී අනුගමනය කර නැති බවද සිය සේවාදායකයාට එරෙහි සියලු චෝදනා පදනම් විරහිත අතර දේශපාලන අරමුණු සහිතව ද්වේශ සහගතව ඉදිරිපත් කර ඇති බවට ජනාධිපති නීතීඥවරයා කරුණු ඉදිරිපත් කළේය.
  • එම වාහනය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පදනම් විරහිත පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු සිදුකිරීමට පොලිස්පතිවරයා විසින් කටයුතු කර ඇති අතර එලෙස විමර්ශන කටයුතු සිදු කිරීම නීති විරෝධී බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය .
අකුරු ප්‍රමාණය (Font Size):

තමන්ට එරෙහිව විමර්ශන කටයුතු සිදුකිරීම මගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය අද (19) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තැබීමට තීරණය කළේය.

 ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර සහ මේනකා විජේසුන්දර ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවන ලදි.

 අධිකරණය හමුවේ කරුණු දක්වමින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අනීතික ලෙස ලබාගත් අධිකරණ නියෝග මත වග උත්තරකාර පොලිසිය විසින් මෙම විමර්ශනය සිදුකර තිබෙන බව පෙත්සම්කාර සුජිව සේනසිංහ වෙනුවෙන් එහිදී පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි සදහන් කළේ ය..

 නීතිය මගින් නියම කර තිබෙන නිසි ක්‍රියා පාටිපාටිය පොලිසිය විසින් මෙම විමර්ශනවලදී අනුගමනය කර  නැති බවද සිය සේවාදායකයාට එරෙහි සියලු චෝදනා පදනම් විරහිත අතර දේශපාලන අරමුණු සහිතව ද්වේශ සහගතව ඉදිරිපත් කර ඇති බවට ජනාධිපති නීතීඥවරයා කරුණු ඉදිරිපත් කළේය.

එම වාහනය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පදනම් විරහිත පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු සිදුකිරීමට පොලිස්පතිවරයා විසින් කටයුතු කර ඇති අතර එලෙස විමර්ශන කටයුතු සිදු කිරීම නීති විරෝධී බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය .

 සෝදිසි වරෙන්තුවක් මත පෙත්සම්කරුගේ නිවස පරීක්ෂා කර ඇති නමුත් නීති විරෝධී කිසිවක් එහිදී සොයාගැනීමට  පොලිසිය ට නොහැකි වූ බව ජනාධිපති නීතිඥවරයා  සඳහන් කළේය.

 පෙත්සම්කරුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල පදනම් විරහිත බවත් විමර්ශනයක් සිදුකළ හැක්කේ පදනමක් සහිත නිවැරදි පැමිණිල්ලක් මත පමණක් බවත් ජනාධිපති නීතිඥවරයා තර්ක කළේය.

ප්‍රශ්නගත වාහනය 2022 වසරේදී ලියා පදිංචි කර ඇති බව ජනාධිපති නීතිඥ අලි සබ්රි  සඳහන් කළේය.

මෙකී විමර්ශන හේතුවෙන් පෙත්සම්කරු ගේ මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බව ඔහු අවධාරණය කර සිටියේය.

 අධිකරණයට  කරුණු වාර්තා කර නිසි පරිදි ලබාගත් සෝදිසි වරෙන්තුවක ට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව පෙත්සමේ උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරුණිකා හෙට්ටිගේ එහිදී අධිකරණයට දැනුම් දුන්නාය.

පෙත්සම් කරුට එරෙහි සියලු විමර්ශන නීතියට අනුකූලව පොලිසිය සිදු කර ඇති බව ද ඇය සඳහන් කළාය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම විභාගය අවසන් කරමින් එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නැතිව කල් තැබීමට තීරණය කළේය.

නීතිඥ සනත් විජේවර්ධන ගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ අලි සබ්රි පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.

(සටහන | නෙල්කා මැදගෙදර)
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනි)
nelindum41@gmail.com

 

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...