The Leader News
BREAKING
පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා●ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !●රුසියානු පර්යේෂිකාවගේ අභිරහස් මරණය: ලෝකයම තැතිගත් රහස●ප්‍රංශයේ සිසු විරෝධතා මැදට පැන සිසුන් රැකගත් නගර පාලකයා●ගමේ කඩේ ස්මාර්ට් කරන 'ව්‍යාපාර බලගන්වයි' වැඩසටහන●ලොව ආකර්ෂණීයම රට ලෙස ජපානය සිව්වන වරටත් පෙරමුණට●සතොස බිලියන ගණනින් ගිලගත් කළමනාකරණ අර්බුදය●හොඳ සිනමාකරුවකු වන්නේ කෙසේ ද ? - බුඩී කියයි (වීඩියෝ)●පළාත් පාලනය සැබැවින්ම කරන්නේ කවුද? ආණ්ඩුකාර බලයේ යථාර්ථය | ලයනල් බෝපගේ●මන්නාරම් තෙල් ගවේෂණය ජාත්‍යන්තර ලංසුවට: ශ්‍රී ලංකාවට නව බලාපොරොත්තුවක්?●
Top Ad
පුවත්

පාස්කු නඩුවේ විත්තිකරුවෝ නීතිඥ සහය ඉල්ලති

T

The Leader Desk

March 20, 2026 • 4:00 PM

පාස්කු නඩුවේ විත්තිකරුවෝ නීතිඥ සහය ඉල්ලති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීතිඥ නියෝජනයක් නොමැති වීම හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අදාල නඩුවේ විත්තිකරුවන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.
  • මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පැවැත්වෙන අදාල නඩුව විභාග කිරීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම මගින් ඉල්ලා තිබේ.
  • අදාල නඩුව දිනපතා විභාගයට ගැනීම හේතුවෙන් මීට පෙර තමන් නියෝජනය කළ නීතිඥවරුන් ඉවත්ව ගිය බව ද පසුව රජයේ වියදමින් නීතිඥවරු පත් කළද එම නීතිඥවරුන්ට දෙමළ භාෂාව සන්නිවේදනය කර ගැනීමට ඇති අපහසුව නිසා ඔවුන් ද නඩුවෙන් ඉවත් වූ බවද මෙම පෙත්සම මගින් පෙන්වා දී ඇත.
  • පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදුකිරීම ට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270ක් යටතේ තමන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නීතිපතිවරයා විසින් 2021 වසරේ නඩු පවරා ඇති බව පෙත්සමේ දැක්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

නීතිඥ නියෝජනයක් නොමැති වීම හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අදාල නඩුවේ විත්තිකරුවන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.

මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පැවැත්වෙන අදාල නඩුව විභාග කිරීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම මගින් ඉල්ලා තිබේ.


අදාල නඩුව දිනපතා විභාගයට ගැනීම හේතුවෙන් මීට පෙර තමන් නියෝජනය කළ නීතිඥවරුන් ඉවත්ව ගිය බව ද පසුව රජයේ වියදමින් නීතිඥවරු පත් කළද එම නීතිඥවරුන්ට දෙමළ භාෂාව සන්නිවේදනය කර ගැනීමට ඇති අපහසුව නිසා ඔවුන් ද නඩුවෙන් ඉවත් වූ බවද මෙම පෙත්සම මගින් පෙන්වා දී ඇත.


එම නඩුවේ විත්තිකරුවන් වන මුහම්මද් අක්‍රම් අහක්කම්, මොහොමඩ් හනීෆා සෙයිනූල් ආබ්දීන්, ජසිම් සෙයිනූල් ආබ්දීන් සහ රසික් රාසා හුසේන් විසින්  ගොනුකර ඇති මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා සහ නඩුව විභාගයට ගන්නා ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ ලේඛකාධිකාරීවරයා නම් කර සිටිති.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදුකිරීම ට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270ක් යටතේ  තමන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නීතිපතිවරයා විසින් 2021 වසරේ නඩු පවරා ඇති බව පෙත්සමේ දැක්වේ.

එම නඩුවේ අතුරු නියෝගයකට එරෙහිව එක් විත්තිකරුවකු ඉදිරිපත් කළ අභියාචනය ඉවත දැමූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාල නඩුව දිනපතා විභාගයට ගෙන අවසන් කරන ලෙස නියෝගයක් නිකුත් කළ බව පෙත්සමේ සඳහන් වේ.

අනතුරුව අදාල නඩුව දිනපතා විභාගයට ගැනීම සිදුකරන අතර විත්තිකරුවන් වෙනුවෙන් ඊට පෙර අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් වන ගසාලි හුසේන්, රුෂ්ඩි හබිබ් සහ කේ.එස් රත්න වේල් යන මහත්වරු එම නඩුවෙන් ඉවත්වන බව අධිකරණයට දැනුම් දී තිබූ බවද මෙම නඩුව දිනපතා විභාගයට ගන්නා බැවින් තමන් විසින් බාරගත් වෙනත් අධිකරණවල පවතින නඩු වලට පෙනී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීම ඊට හේතුව ලෙස ඔවුන් දක්වා තිබූ බවද පෙත්සම්කරුවන් විසින් පෙන්වා දී තිබේ.

 අනතුරුව රජයේ වියදමින් නීතිඥවරු පත් කළ නමුත්  දෙමළ භාෂාව සන්නිවේදනය කර ගැනීමට ඇති අපහසුව නිසා ඔවුන් තමන් වෙනුවෙන් පෙනී සිටීමෙන් ඉවත් වූ බව පෙත්සම්කරුවන් විසින් සඳහන් කර ඇත.


සාක්ෂිකරුවන් 2300කට අධික පිරිසක් නම් කර සිටින මෙම නඩුවේදී ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා සාධාරණ නීතිඥ අවශ්‍ය බවද එසේ නොමැති වුවහොත් තමන්ට දැඩි අගතියක් වන බව මෙම පෙත්සම්කරුවන් විසින් පෙන්වා දී තිබේ. එම හේතුව මත සිය නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට තිබෙන නිත්‍යානුකූල අයිතිය උල්ලංඝනය වන බවට පෙත්සම්කරුවෝ පැමිණිලි කර සිටිති.


එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 13(3) සහ 13(5) යන ව්‍යවස්ථාවන්හි සඳහන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු වන්ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

 විත්තිකරුවන්ට නිසි නීතිමය නියෝජනය ලබා දී මෙම නඩුව විභාගයට ගන්නා ලෙස පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට  නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

(සටහන | නෙල්කා මැදගෙදර)
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනි)
nelindum41@gmail.com


සබැඳි පුවතක් :
ඉහලම පෙලේ අපරාධ නඩුවක් ‘කණිෂ්ට නීතිඥයන් යොදවා කඩිනමින්’ අසන්නට යාමෙන් යුක්තිය ඉටුවීම පිලිබඳ ගැටළුවක්


 

 

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...