කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ නව සඳ දිස් නොවීම හේතුවෙන් දින 30ක ශුද්ධ වූ රාමසාන් උපවාස කාලය නිමකර රාමසාන් උත්සවය සැමරීම මෙලෙස අද සිදු කරන බවය.
ඒ අනුව, මාසයක් පුරා පැවති රාමසාන් උපවාසය අවසන් කර ඉස්ලාම් බැතිමතුන් ඊදුල් ෆීතර් උත්සවය හෙවත් රාමසාන් දිනය අද සමරනු ලබයි.
රාමසාන් යනු ඉස්ලාමයේ අනුගාමිකයන් වන මුස්ලිම්වරුන් නිරාහාරව සිටීම, ස්වයං විනය පුහුණු කිරීම සහ යාච්ඤා කිරීමේ ශුද්ධ මාසයකි. මුස්ලිම්වරුන් සඳහා වූ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුර්ආනය පිළිබඳ මුහම්මද් තුමාණන්ට මුලික හෙළිදරව් කිරීම් ලැබුණු මාසය ලෙස එය සමරනු ලබනවා.
රාමසාන් සමයේ සෑම දිනකම මුස්ලිම්වරු හිරු උදාවේ සිට හිරු බැසීම දක්වා ආහාර නොගනී.
රාමසාන් සෑමවිටම මාස 12 ඉස්ලාමීය දින දර්ශනයේ නවවන මාසයට අයත් වෙයි.
රාමසාන් උත්සවය සමයේ මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට සිය ආගමික වතාවත්වල නිරත වීමට අවස්ථාව ලබා දෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් විශේෂ චක්‍රලේඛයක්ද නිකුත් කර තිබුණි.
ඒ අනුව පෙබරවාරි මස 19 වැනිදා සිට මාර්තු මස 21 දක්වා යාඥා සහ ආගමික කටයුතු සඳහා චක්‍රලේකයේ සඳහන් පරිදි අවස්ථාව ලබා දෙන ලෙස සියලු අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත එම චක්‍රෙල්ඛය මගින් දැනුම් දී තිබුණි.





